IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


අධ්‍යාපන වැරදි හදන්න හරි කාලෙදි ක්‍රියා කරන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අසමතුලිතතා දුරැලීමට නියමිත කාලයේ දී අවශ්‍ය පියවර නොගැනීම නිසා රටේ සිසු පරපුර අසීරු තාවයට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ගුරු පුරප්පාඩු සම්පූර්ණ නොවීම, විශ්ව විද්‍යාල වල ආරම්භක යටිතල පහසුකම් නොමැති වීම සිසුන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් මෙන්ම උපාධි ගුණාත්මක භාවයටද සෘජුවම තර්ජනයක්  වීම නිසා දේශීය අධ්‍යාපන පද්ධතිය ගැන විශ්වාසය බිඳ වැටී තිබෙන්නේ යැයිද ප්‍රේමදාස මහතා කීය.

මෙවැනි අකටයුතු කම් නිසා සිසුන්ගේ අනාගත රැකියා අවස්ථා තර්ජනයට ලක් වන්නේ යැයි ද  විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති ගැටලු රැසක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.



අදහස් (5)

අධ්‍යාපන වැරදි හදන්න හරි කාලෙදි ක්‍රියා කරන්න

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 12 September 2025 02:21 PM

ඇයි, අධ්‍යාපනය විතරද? මුළු රටටම කෙළවුණේ දශක හතක හොර-තක්කඩි පාලනය නිසා කියලා අමතකද? ඒ දශක හතේ රට ඉබාගාතේ ගියා නම් මීට වඩා හොඳ දියුණුවක් ලබාගන්න තිබුණා. හොර හැත්ත මුළු රටම කෑවා, රටේ අහිංසක සාමාන්‍ය ජනතාවත් කෑවා...

:       0       5

කපුරුහාමි Friday, 12 September 2025 03:21 PM

ඉස්කෝල ගානේ ගිහින් බස් බෙදුවා. ජපන් භාෂාවෙන් කතා කෙරුවා. ඔය කියන අඩුපාඩු දැක්කේම නැතුව ඇති...

:       0       4

ජිල්බු Friday, 12 September 2025 05:29 PM

අපේ කාලේ කෙරුව වගේ නේද සර්...? මම කියවලා තියෙනවා සර්ගෙ තාත්තත් ඇඹිලිපිටියේ ගලප්පත්ති කියලා විදුහල්පති කෙනෙක් එක්ක එකතුවෙලා 88/89 කාලේ ඉස්කෝලෙ ළමයින්ට විසඳුම් දුන්නා.

:       0       6

Eashwara's wifeFriday, 12 September 2025 10:09 PM

මේ නම් ටිකත් ඒකෙ තිබුණද, දයානන්ද ලොකුගලප්පත්ති, චමින්ද හිරන්ත ලොකුගලප්පත්ති, ලක්ෂ්මන් අල්ගම, ජාලිය ඈපා, සෙවන කඳවුර...

:       0       0

පොඩිඑකා Friday, 12 September 2025 11:34 PM

හරි කාලේදී ඔහේට ඒක හරි හැටි ලැබිච්චි නැති එකයි පුරස්නේ මහත්තයෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site