IMG-LOGO

අධ්‍යාපන ගමන සුරක්ෂිත කිරීමට සෙලින්කෝ ලයිෆ් නව රක්ෂණ සැලසුමක්

සෙලින්කෝ ලයිෆ් විසින් දරුවන්ගේ අධ්‍යාපන ගමන සුරක්ෂිත කිරීම සඳහාම නිර්මාණය කර ඇති රක්ෂණ සැලැස්මක් දියත් කරනු ලැබ ඇත.

සෙලින්කෝ ලයිෆ් ‘එඩියුකේෂන් ප්‍රොටෙක්ටර්’ නමින් හඳුන්වා දී ඇති මෙම රක්ෂණාවරණය මගින් දෙමව්පියකුගේ මරණය හෝ පූර්ණ සහ සදාකාලික අබලතාවක් සිදුවුවහොත් තනි වාරිකයක් පමණක් ගෙවීමෙන්, දරුවකුගේ මාසික අධ්‍යාපන වියදම් පියවීම සඳහා මූල්‍යමය අත්වැලක් ලබා දෙයි.

දරුවකුගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගැනීමට ආරක්ෂිත ජාලයක් ලෙස හැඳින්විය හැකි ‘එඩියුකේෂන් ප්‍රොටෙක්ටර්’ ඉතා සරල රක්ෂණ සැලසුමක් බව සෙලින්කෝ ලයිෆ් පවසයි.

‘මුදල් උපයන්නාගේ අකල් වියෝව නිසා දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීම පිළිබඳ දුක්බර කතා අද බහුලව අසන්නට ලැබෙනවා,’ යැයි සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ තුෂාර රණසිංහ මහතා පෙන්වා දුන්නේය. ‘අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ගේ සහ ඔවුන්ගේ ආදරණීයයන්ගේ අනාගතය අවධානමෙන් මුදා ගැනීම සඳහා සමාගම දරන ප්‍රයත්නයට කදිම උදාහරණයක් වන මෙම රක්ෂණ සැලසුම අනාගත පරම්පරාවට අපට සහාය විය හැකි ආකාරය පිළිබඳවද උදාහරණයක් බවද ඒ මහතා පැවැසීය.

සෙලින්කෝ ලයිෆ් ‘එඩියුකේෂන් ප්‍රොටෙක්ටර්’ සමඟින් තම දරුවන්ගේ අධ්‍යාපන ගමන සුරක්ෂිත කිරීමට කැමති දෙමාපියන්ට රුපියල් 5,000 සිට රුපියල් 50,000 දක්වා වූ මාසික ප්‍රතිලාභ ආවරණයක් වසර 2ත් 12ත් අතර කාලයකට ලබා ගත හැකි අතර ඔප්පු හිමියාගේ අභාවය හෝ පූර්ණ හා සදාකාලික අබලතාවයක දී දරුවාගේ විවිධ අධ්‍යාපන වියදම් පියවීම සඳහා තෝරාගත් ප්‍රතිලාභ මුදල මාසිකව ඔප්පු කාලය අවසන් වන තුරු ගෙවනු ඇත



අදහස් (0)

අධ්‍යාපන ගමන සුරක්ෂිත කිරීමට සෙලින්කෝ ලයිෆ් නව රක්ෂණ සැලසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1558 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1685 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site