IMG-LOGO

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සියලු වෘත්තිකයින්ට නිල රාජකාරී හැඳුනුම්පතක්



(ඩයනා උදයංගනී)

ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සියලු වෘත්තිකයින් වෙනුවෙන් නිල රාජකාරී හැඳුනුම්පතක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.


නුදුරේදීම හඳුන්වාදීමට නියමිත මෙම නිල වෘත්තීය හැඳුනුම්පත ගුරු සේවය, විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, ගුරු උපදේශක සේවය යන සේවාවන්හි නිරත සියලු නිලධාරීන් වෙත ද ලබා දෙන බව ඇමතිවරයා සඳහන් කළේය.
මෙම වෘත්තීය හැඳුනුම්පත නවීන තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය වන අතර එමඟින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නිරතවන සියලු වෘත්තිකයන්ට විශේෂ සහන සේවා රැසක් ලබා දීමට ද  සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා කීවේය.

විවිධ නොසලකා හැරීම් හා වෘත්තීය දුෂ්කරතා මධ්‍යයේ  ශ්‍රී ලාංකේය අනාගතය වන ලක්ෂ 45කට අධික සිසු දූ පුතුන් නැණ, ගුණ බෙලෙන් බලගැන්වීම උදෙසාතම වෘත්තීය දිවියම කැප කරන අධ්‍යාපන වෘත්තිකයින්ට වෘත්තීමය අනන්‍යතාවක් ලබාදීම ජාතික යුතුකමක් හා වගකීමක් බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.  

මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීකයින් බහුතරයකට හිමි නිල රාජකාරී හැඳුනුම්පත සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිය බුද්ධිමය දායකත්වය නොමසුරුව ලබාදෙන ගෞරවනීය වෘත්තීකයින් වෙත මෙතෙක් කල් හිමි නොවීම පිළිබඳ තමන් කණගාටුවට පත් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වෛද්‍යවරුන්, නීතීඥවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් ඇතුළු අනෙකුත් වෘත්තීකයින්ට මෙන්ම මෙරට ගුරුභවතුන් ඇතුළු සමස්ත අධ්‍යාපන වෘත්තීකයින්  වෙත ද ඔවුන්ගේ වෘත්තීය දායකත්වයට නිල වටිනාකමක් එක්කර දීම යුගයේ අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින් ඒ සඳහා  අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි ද ඇමති අලහප්පෙරුම මහතා කීවේය.



අදහස් (0)

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සියලු වෘත්තිකයින්ට නිල රාජකාරී හැඳුනුම්පතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 790 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site