IMG-LOGO

අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ගේ සෞඛ්‍ය තොරතුරු ඉල්ලයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්, තම සෞඛ්‍ය තත්වය ඇතුළු අනෙකුත් තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයට ලබාදිය යුතු බව අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, එම තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයේ https://info.moe.gov.lk වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කළ යුතු බවද අමාත්‍යංශය සඳහන් කරයි.

විභාග සඳහා පෙනීසිටින සිසුන්ගේ තොරතුරු මාර්ගගත ක්‍රමයට ලබාදීමට නොහැකි වූ සිසුන් තමා විභාගයට පෙනී සිටින මධ්‍යස්ථානයට එම තොරතුරු ඉදිරිපත් කළ යුතු වේ.

ඒ සඳහා අදාළ ආකෘතිපත්‍රය (සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි) භාෂාත්‍රයෙන් ම විභාග දෙපාර්තමේන්තුව විසින් විභාග මධ්‍යස්ථානාධිපති වෙත ලබාදීම සඳහා කලාප/ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත යොමුකරන බව අමාත්‍යංශය කියයි.

උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සියලු සිසුන් තම තොරතුරු ඇතුළත් කිරීම අනිවාර්යෙන් කළ යුතු අතර, 5 ශ්‍රේණියේ සිසුන්ගේ දෙමව්පියන් විසින් තොරතුරු සම්පූර්ණ කළ යුතුය.

පළමු අවස්ථාවේදී තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසු, තමාගේ හෝ තම පවුලේ අයෙකුගේ සෞඛ්‍ය තත්වයේ යම් ගැටලුවක් මතුවුවහොත් ඒ  අවස්ථාවේදී නැවත තොරතුරු ඉදිරිපත් කළ යුතුය.

විභාග අපේක්ෂකයන්ගේ තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කරන බවද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.



අදහස් (5)

අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ගේ සෞඛ්‍ය තොරතුරු ඉල්ලයි

Ananda Wickramasinghe Friday, 09 October 2020 07:37 AM

මේ ලින්ක් ඒක තවම වැඩකරන්නේ නැහැ...

:       6       5

H.A.ෂළිඳු හිමාෂSaturday, 10 October 2020 07:03 AM

අගය කරමි...

:       0       0

W G Nimesh chathuranga Saturday, 10 October 2020 10:40 AM

අගය කළ යුතුයි.

:       0       1

W G Nimesh Chathuranga Saturday, 10 October 2020 10:42 AM

අගය කරමි...!!! 

:       1       0

S.n.pansilu sandeepa Sunday, 11 October 2020 02:02 AM

ඉතා හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 431 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site