IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අධ්‍යාපනයේ කෝටි 340 ක ටැබ්වලට වෙච්ච දේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අධ්‍යාපන අමාත්‍යාංශය 2019 වර්ෂයේදී රුපියල් කෝටි 340 ක් වැයකර මිලදී ගෙන ඇති ටැබ් පරිගණක හා ආරෝපිත රාක්ක ඵලදායී ආකාරයෙන් ප්‍රයෝජනයට ගෙන නොමැති බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී( කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය.

මේ අතරඅධ්‍යාපන කළමනාකරණ දත්ත පද්ධතිය (NEMIS) වෙනුවෙන් 2013 හා 2014 වර්ෂ වලදී රුපියල් කෝටි 6 කට වැඩි මුදලක්  වියදම් කළද ප්‍රමාණවත් දත්ත එහි අන්තර්ගත නැති බව සොයා ගන්නා ලදැයි කෝපා කමිටුව පවසයි.

හඳුනාගත් රාජකාරියක් නොමැතිව ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ කාර්යාලයට කාර්යාල සහායකයකු පත්කර  වසර 13ක් වෙනුවෙන් කෝටි  6 කට වැඩි මුදලක් ගෙවීම පිළිබඳවද  එම කමිටුවේ අවධානය යොමුවිය.

මේ පිළිබඳ තොරතුරු  අනාවරණය වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (20) වැනිදා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

ඇතැම් ටැබ් පරිගණක වගකීම් කාලය අවසන් වන තුරුද බෙදා දී නොමැති බව මෙහිදී අනාවරණය විය.

එසේම  බෙදාහරින ලද  ටැබ් පරිගණක වලින් වැඩි ප්‍රමාණයක් නිෂ්කාර්යව පවතින බවත්  යම් ප්‍රමාණයක් අස්ථාන ගතව ඇති  බවත් මෙහිදී අනාවරණය වී යැයි  කෝපා කමිටුව සභාපති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

මෙම ටැබ් පරිගණක සාධාරණ  ආකාරයෙන් බෙදාහැර නොමැති බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සැප්තැම්බර් 26 වැනිදාට  පෙර ලබා දෙන ලෙස කෝපා කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයට  නිර්දේශ කළේය.

එසේම උසස් පෙළ සිසුන්ගේ පාසල් පැමිණීමේ ප්‍රතිශතය අවම මට්ටමක පැවතීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය. මේ පිළිබඳ 2020 වර්ෂයේදී පර්යේෂණයක්  කර නිර්දේශ 15 ක් ලබාදී ඇති බව අධ්‍යාපන නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

එසේම පිරිවෙන් අධ්‍යාපනයේ ගැටලු පිළිබඳවද   ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳවද කමිටුවේදී සාකච්ඡාවී ඇත.

මෙම කාරක සභා රැස්වීමට  රාජ්‍ය අමාත්‍ය  ප්‍රසන්න රණවීර  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  නිරෝෂන් පෙරේරා, අශෝක් අබේසිංහ,    ජයන්ත කැටගොඩ,  සිවඥානම් ශ්‍රීතරන්,  හෙක්ටර් අප්පුහාමි, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ,  මුදිතා ප්‍රිශාන්ති සහ  මංජුලා දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.



අදහස් (0)

අධ්‍යාපනයේ කෝටි 340 ක ටැබ්වලට වෙච්ච දේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site