IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අධ්‍යාපනේට පණ දෙන්න දුන් කෝටි 521ක් වතුරේ

(සුජිත් හේවාජුලිගේ )

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය 2020 වර්ෂයේ පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට  රුපියල් කෝටි 521 කට වැඩි මුදලක් වැය කර තිබුණද සැලසුම් කළ පරිදි එම  ප්‍රතිසංස්කරණ කිරීමට අපොහොසත්ව තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එම අමාත්‍යාංශය මෙම මුදල වැය කර තිබුණේ  2020 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලයේදී බවද  වාර්තාවේ දැක්වේ.

එම රාජ්‍ය අමාත්‍යාංශය පසුගිය 2022 වර්ෂයේ අහෝසිවීමෙන් එහි විෂය පථයට අයත්ව තිබූ කාර්යයන්  අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා තිබූ බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පසුගිය වර්ෂ තුනක  කාලයේදී  රාජ්‍ය අමාත්‍යාංශය විසින් දරන ලද මුදල  හා ජාතික අධ්‍යාපන ආයතනය දැරූ කෝටි 35ක වියදමද  ප්‍රතිඵලදායි නොවීමේ අවදානමක් පැවතුණ  බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.

මේ සම්බන්ධයෙන්   විගණන අංශයට කරුණු පැහැදිලි කර ඇති අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති කාර්යාලය 2023 මාර්තු 13 වැනිදා නිකුත් කළ ලිපියකින් යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව  අත්හිටුවන ලෙස උපදෙස් දී ඇති බවයි.

ජනාධිපතිවරයා පත්කර ඇති කැබිනට් අනුකමිටුව දෙන තීරණ අනුව ඉදිරියේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවද එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන ඊට ප්‍රමුඛතාව දක්වන ලෙස විගණන නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයට   නිර්දේශ කර ඇත.

මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය 2021 වර්ෂයේදී පාසල් 622 ක අන්තර්ජාල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි පනස් හතකට වැඩි මුදලක්ද  කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය  පාසල් 831ක භෞතික යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් සහ  උපකරණ මිලදී ගැනීම වෙනුවෙන්  රුපියල් කෝටි 232 කට වැඩි මුදලක්ද  වැය කර තිබුණද ජාතික පාසල් බවට පත්කර තිබුණේ පාසල් 22ක් පමණක් බව එම වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානින් පවසා ඇත්තේ කිසිදු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය කොට්ඨාශවල පාසල් 125ක් පමණක් සංවර්ධනය කිරීමට නියමිත බවයි. අධ්‍යාපන අමාත්‍යවරයාගේ තීරණය අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවද එම ප්‍රධානීන්  ප්‍රකාශ කර ඇත.

තවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය   2021 වර්ෂයේදී සකස් කළ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සැලසුම් කළ කාර්යයන් සම්පූර්ණ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට හැකිවී නොතිබුණු බව  එම වාර්තාව සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් කරුණු දක්වන අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ පෙර පාසල් ජාතික ප්‍රතිපත්තිය හා ඊට අදාළ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කාර්යයන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික අධ්‍යාපන ශාඛාවට පවරා ඇති බවයි.

ඒ අනුව සැලසුම් කළ පරිදි පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කිරීමට විගණන නිලධාරීන් නිර්දේශ කර ඇත.

මේ තොරතුරු සඳහන් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ 2022 විගණන වාර්තාවේය



අදහස් (4)

අධ්‍යාපනේට පණ දෙන්න දුන් කෝටි 521ක් වතුරේ

Nimal Tuesday, 02 January 2024 01:24 PM

ෙකා්ටි 521ක් වැයවෙලා. කෙරුණු ප්‍රතිසංස්කරණයක් නැහැ. මේන්න රටේ තත්වය.

:       0       0

සෞභාග්‍යයේ රට වලට Tuesday, 02 January 2024 01:28 PM

මේ රට පාලනය කල එවුන්ට හා පාලනය ගැනීමට සිටින එවුන්ට කොහොම කිව්වත් බෙදීගියොත් රට සුන්වෙනවා කියලා තේරුම් ගන්න බැහැ අධ්‍යාපනය කියන්න බෙදාගෙන කෑමට සුදුසු දෙයක් නොවෙයි එය එකටම තියෙන්නම ඕන දෙයක් තමයි උසස් අධ්‍යාපනය පහත් අධ්‍යාපනය ජාත්‍යන්තර අධ්‍යාපනය දේශීය අධ්‍යාපනය ලෙසට කොහොම කිව්වත් ඒක එකක් කියලා හිතන්නේ නැහැ මොකද බෙදාගත්තාම එක එකාට ඕන හැටියට කන්න පුළුවන් නිසා .මේකට සම්පූර්ණයෙන්ම වැරදි කරුවන් වෙන්නෙ එදා එහෙම අමාත්‍යාංශ බෙදාහැරීම කල එකා ඒකට උපදෙස් දුන්නු පිරිස් සහ එකල තිබුන කැබිනට් මණ්ඩලය තමයි කාලයක් රජයේ සේවකයින් සදහා නියමයක් තිබුනා මුදල් වාසිතකා රාජකාරි හුවමාරු කිරීම තහනම් කියලා දැනුත් තිබෙන බවක් නැතිබව තමයි මෙයිනුත් පේන්නෙ

:       0       4

චන්දන Tuesday, 02 January 2024 03:10 PM

අධ්‍යාපනයට වෙච්චි දේ ගැන රටම දන්නවා. ඇමති බොරු කියනවා...පාසල් වලට 50000 අඩුවෙන් 1 වසරට ඇතුලත්වුනේ ජනගහනය අඩු නිසා කියල...ඇත්ත ඒක නෙවෙයි...රජ්‍ය පාසල්පද්ධතිය මෙයාල මිනිස්සුන්ට එපා කරවනව...පාසල් සංවර්ධනයට සල්ලි අවුරුදු 3කින් දුන්නෙ නැහැ කියල එයාම කියනව...ගුරු-විදුහල්පති හිගය බරපතලයි...පහසුකම් ඇත්තෙම නැහැ...රජයේ පාසල් විනාශයි....හැබැයි පුද්ගලික පාසල්වලට ඇතුළත්වීමේ තරගය වැඩිවෙලා....සංඛ්‍යාෙල්ඛන බලන්න.මේ ආණ්ඩුව රජ්‍ය පද්ධතිය බිඳලා පුද්ගලික අංශය වර්ධනය කරනව...අධ්‍යාපන ප්‍රතිසංස්කරන කරන්නෙ නැති හේතුව එකයි...ළුවමනාවෙන්ම පද්ධතිය විනාශ කරනව.

:       0       0

sam Wednesday, 03 January 2024 06:32 AM

කාලකන්නි බලයේ ඉන්නකොට ඕවා සාමාන්‍ය සිදුවීම් .හිටපු හැම අධ්‍යාපන ඇමතිලා කියාගත්ත කාලකන්නි මේකට වගකිව යුතුයි .කතා කරලා කලේම මේ රටේ අධ්‍යාපනය විනාශ කල එකයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site