IMG-LOGO

අධිබල විදුලි රැහැනක ගැටී අලියෙකු මරුට

(ඡායාරූප - නවරත්න සමරතුංග)

(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)

(නවරත්න සමරතුංග)

අම්පාර උහන ප්‍රධාන මාර්ගයේ සමනබැද්ද වංගුව අසලදී අද (08) අධිබල විදුලි රැහැනක ගැටී විදුලි සැරවැදී අලියෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව උහන පොලීසිය පවසයි.

සමනබැද්ද සිවිල්ආරක්ෂක බලකා කඳවුරට මඳක් දුරින් ඇති වංගුව සහිත ස්ථානයේ මෙම අධිවේගී විදුලි රැහැන් කණුව පිහිටා ඇත.

අලියා එම විදුලි රැහැන් කණුවේ පිට අතුල්ලා කසන්නට යාමේදී එය කැඩී විදුලි සැර වැදී ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇති බව උහන පොලීසියේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

විදුලි කණුව කැඩීයාමෙන් උහන සහ තදාසන්න ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධිවී ඇති බවද පොලීසිය කියයි.



අදහස් (3)

අධිබල විදුලි රැහැනක ගැටී අලියෙකු මරුට

isurandi Sunday, 08 December 2019 10:17 AM

පව්.. මේ සත්තු මෙහෙම මැරිලා ඉන්නවා දැක්කම..

:       0       7

athula Sunday, 08 December 2019 08:14 PM

කතාකලොත් බෞද්ධ රටක්... හැබැයි අසරණ සතුන්ට කිසිම පිළිසරණක් නැහැ.. මේක නම් අනතුරක් කිවහැකියි. නමුත් මෙවන් අතිශය වටිනා වන සම්පතට වෙන විනාශය අතිශය කණගාටුයි. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කතාකරන පාලකයන්, සංචාරකයින් මෙරටට පැමිණෙන ප්‍රධානම හේතුව අලියා සහ වනසතුන් සහ රුක්ෂ ලතාවන් නැරඹීමට හා ස්වභාව සෞන‍්දර්යයි. එහෙත් පාලකයින්ට මේවගේ වටිනා කමක් නැහැ. ඔවුන්ට එහෙම අවබෝධයක් නැහැ. බොහෝ අය කිසිම අධ්‍යාපනයක් නැති අය ඉන්නේ ඔවුන්ගේ එකම පරමාර්ථය කොහොම හරි සල්ලි හොයන එකයි. මෙවන් සතුන් නැති රටවල මිනිස්සු කොපමණ උත්සාහ කරනවද? මේවගේ සතුන් ඔවුන්ගේ රටවලට අනුගත කරන්න පුළුවන් ක්‍රමයක්...

:       101       72

Hemantha Tuesday, 10 December 2019 09:37 AM

අතුල ඔයා කියන විදියට මේකයි බෞද්ධකමයි අතර ඇති සම්බන්ධය මොකක්ද? ඔයා බෞද්ධ හෝ අබෞද්ධ කෙනෙක් වශයෙන් මේවා නැවත්වීමට ගන්න පියවර මොනවද? මට පෙන විදියට මේ ලයිට් කනුව ප්‍රමිතියට අනුව නැහැ. ඉතාම පොඩි යකඩ කම්බි දාල හදලා තියෙන්නේ. අපේ රටේ අලි සම්පත රැක ගන්න නම් ලොකු වැඩපිළිවෙලක් හදන්න වෙනවා. ලෝකේ කොහෙත් අලි ඉන්න රටවල මෙවැනි ප්‍රශ්න අපිටත් වඩා තියෙනවා, එත් අපි දකින්නේ අපේ රටේ වෙන දේ විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 248 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 777 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1199 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site