IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අධික උණුසුමෙන් ඇමසන් ඩොල්ෆින්ලා 120 ක් මැරිලා

ලොව දුර්ලභ සත්ව විශේෂයක් ලෙස සැලකෙන ඇමසන් නදියට පමණක් ආවේණික රෝස පැහැති ඇමසන් ඩොල්ෆින් මසුන් 120 දෙනකුග් සිරුරු බ්‍රසීලය හරහා ගලා බසින ඇමසන් නදියේ පාවෙමින් තිබියදී හමුවී ඇත.

වදවීමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ව විශේෂයක් ලෙස ද ඇමසන් ඩොල්ෆින් මසුන් සැලකෙයි. ඇමසන් වනාන්තරය මෙන්ම ඇමසන් නදිය ද ලතින් ඇමෙරිකාවේ බ්‍රසීලය ද ඇතුළු රටවල් කීපයක් ඔස්සේ පැතිරී පවතී.

බ්‍රසීල විද්‍යා සහ තාක්ෂණ අමත්‍යාංශය යටතේ පවතින ‘මමිරෝ’ ආයතනයේ විද්‍යාඥයන් පැහැදිලි කර ඇති ආකාරයට, ඩොල්ෆින් මසුන් මෙසේ මියගොස් ඇත්තේ බ්‍රසීලයට බලපා ඇති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් බවය. මේ වනවිට බ්‍රසීලය දැඩි නියගයකට ද මුහුණ දෙයි.

ලෝකයේ පෙනහළු ලෙස සැලකෙන්නේ මහා ඇමසන් වැසි වනාන්තරයයි. දැඩි වියලි කාලගුණය හේතුවෙන් ඇමසන් වනාන්තරයේ ළැව් ගිනි ඇති වීමේ අවදානමක් ද පවතී.

ඩොල්ෆින් සිරුරු හමුවී ඇත්තේ ඇමසන් නදියට සම්බන්ධ ‘ටැෆේ විල’ අවට ප්‍රදේශයෙනි. ඩොල්ෆින්ලාට තවත් මත්ස්‍ය විශේෂ රැසක් ද මියගොස් ඇති බව ‘මමිරෝ’ ආයතනයේ විද්‍යාඥයෝ පවසති. මත්ස්‍ය විශේෂයක් යැයි කීවත් ඩොල්ෆින් යනු ක්ෂීරපායී සත්වයෙකි.

(අල් ජසීරා)



අදහස් (0)

අධික උණුසුමෙන් ඇමසන් ඩොල්ෆින්ලා 120 ක් මැරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site