(නිමන්ති රණසිංහ)
“රාජ්‍ය රහස්” පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කොළඹ අධිකරණ සංකීර්ණ පරිශ්‍රය අධිආරක්ෂිත කලාප ලෙසින් නම් කිරීම දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙළා දකින බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නිතීඥ සංගමය පවසයි.
ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ එම ගැසට් නිවේදනයට අනුව කොළඹ අධිකරණ සංකීර්ණ පරිශ්‍රය අධි ආරක්ෂිත කලාපයක් ලෙසින් නම් කිරීමේ එකී තීරණය කිසිදු කාලීන අවශ්‍යතාවකින් තොරව සිදුරන ලද්දක් බවත් එය නිතියේ අධිපත්‍යය කෙරෙහි අනිසි බලපෑමක් සිදුකරන්නට ඉඩකඩ නිර්මාණය විය හැකි කරුණක් බවත් එම සංගමයේ ලේකම් රසික සංජීව බමුණුහෙන්දර මහතා සදහන් කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නිතීඥ සංගමයේ හදීසි මහ සභා රැස්වීමකදී ගත් තීරණයකට අනුව එම ගැසට් නිවේදනයෙන් එකී තීරණය ඉවත් කිරීම සදහා රජයට බලකරමින් සාමකාමී උද්ඝෝෂණයක් හෙට (27) දහවල් 12.00ට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී පැවැත්වීමට ද කටයුතු යොදා ඇතැයි ද ලේකම්වරයා පැවසීය.
අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කර අධිකරණ සංකීර්ණය අධිආරක්ෂිත කලාප ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා සහ අධිකරණ ඇමැතිවරයා සමග සාකචඡා කිරිමටත් එම ක්‍රියාමාර්ග තුලින් යහපත් ප්‍රතිචාරයක් නොලදහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමටත් ඒකමතිකව තම සංගමය තීරණය කර ඇතැයි ද එම සංගමය පවසයි.
2025 දෙසැම්බර් මස 18
349
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1008
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිකරණ සංකීරණ අවට අධිආරක්ෂිත කිරීම නීතිඥ සංගමයේ අකමැත්ත