IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අධිකරණ පරිශ්‍රයේදී නීතිඥවරයා සහ නීතිඥවරිය ගුටි ඇනගෙන

(සුජිත් හේවාජුලිගේ )

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයකු සහ නීතිඥවරියක අතර සිදුවී ඇතැයි පැවසෙන ගුටි බැට හුවමාරුවක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත.w

එම අධිකරණ පරිශ්‍රයේදී මේ සිද්ධියවී ඇතැයි පැවසෙන්නේ පෙරේදා(2) දහවල් කාලයේදීය.

ගුටිබැට හුවමාරුවෙන් පසු එම දෙදෙනාම රෝහල්ගතවී සිටින බව කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

නඩු බෙදා ගැනීම පිළිබඳ කාරණයක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමකින් පසු මෙම ගුටිබැට හුවමාරුව සිදුවී ඇතැයි දැනට කරන ලද මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇති බවද ඔහු සඳහන් කළේය.

එම අධිකරණයේ නීතිඥවරුන් දෙදෙනකු අතර මීට මාසයකට පමණ පෙරදීද නඩු බෙදා ගැනීම පිළිබඳ කාරණයක් මත ගුටි බැට හුවමාරුවක් සිදුවූ බව පොලිසිය පවසයි.

 



අදහස් (9)

අධිකරණ පරිශ්‍රයේදී නීතිඥවරයා සහ නීතිඥවරිය ගුටි ඇනගෙන

වන්නකු Saturday, 04 November 2023 07:29 AM

වැදගත් වෘත්තිකයින්ගේ හිඟය සෑම අංශයකම තියෙනවා. ආර්ථිකයේ හෝ පැවැති අධ්‍යාපනයේ වැරැද්ද..!

:       0       0

Bunny Preena Saturday, 04 November 2023 09:07 AM

හොඳ වෙලාවට දෙන්නා ගාව පිස්තෝල තිබුණේ නැත්තේ...!

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Saturday, 04 November 2023 09:36 AM

අහෝ ශ්‍රී ලංකා නඩු දිනවීම නොව බෙදා ගැනීමට රණ්ඩු කරන නීතිඥවරු ඉන්න රටක්..!

:       0       31

රංබොඩ Saturday, 04 November 2023 09:41 AM

නිරුවතින් මුදල් පසුපස හඹා යන අතිශය පිරිහුණු ⁣වෘත්තියක මෙවැනි දෑ සිදු නොවුනේ නම් පුදුම විිය යුතුයි.

:       1       45

නිමල් Saturday, 04 November 2023 01:21 PM

බෙදා ගැනීම නොව බදා ගැනීම...

:       0       0

City Saturday, 04 November 2023 05:28 PM

අරගලයේ ප්‍රතිඵල...!

:       0       0

Nihal Saturday, 04 November 2023 06:06 PM

තමන්ගේ නඩුවට තමන්ම කතා කරගත්තාම සල්ලිත් ඉතුරුයි, හරස් ප්‍රශ්න අහන්න අමාරු නෑ...

:       0       0

Perera Sunday, 05 November 2023 12:03 AM

මැති ඇමැතිලා පාර්ලිමේන්තුවේදී ගහගන්නවා. වෛද්‍යවරු රෝහලේදී ගහගන්නවා. ගුරුවරු පාසලේදී ගහගන්නවා. නීතීඥවරු අධිකරණයේදී ගහගන්නවා. අපි පාරෙදි, ගෙවල්වලදී ගහගන්නවා. ඔහොම තමයි හැම දෙයක්ම පිරිහුණු ශ්‍රී ලංකාව...

:       0       0

දම්මික Sunday, 05 November 2023 08:53 AM

මෙය ඉතා හොඳ ප්‍රවනතාවයක් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පටන් ගෙන, සමාජයෙ ඉහළ පෙලේ වෘත්තිකයන් පවා අපට ඉතාමත් හොඳ ආදර්ශයක් සපයනව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site