IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අධිකරණ ගොඩනැගිලි හයක වැඩ කඩිනම් කරන්න නියෝග

(අංජුල මහික වීරරත්න)

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන ඉදි කිරීම් ව්‍යාපෘතීන් වන  අධිකරණ පියස  ව්‍යාපෘතියේ ගොඩනැගිලි දෙකක සහ අධිකරණ සංකීර්ණ  හතරක ඉදි කිරීම් කටයුතු කඩිනම් කරන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා අද ( 27)  නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කොළඹ, අලුත්කඩේ අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට නියමිත අධිකරණ අමාත්‍යාංශ ගොඩනැඟිල්ල, මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල, ගාල්ල අධිකරණ සංකීර්ණය, පූගොඩ දිසා මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය, මාතලේ අධිකරණ සංකීර්ණය සහ කන්තලේ අධිකරණ සංකීර්ණය  ඉදි කිරීම් කඩිනම් කිරීම සම්බන්ධයෙන්  සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 27) පෙරවරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

අධිකරණ පියස ව්‍යාපෘතිය, අධිකරණ සංකීර්ණයන්හි ඉදිකිරීම් වල ප්‍රගතිය සහ අධිකරණ යටිතල පහසුකම් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන වියදම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විණි.

කොළඹ, අලුත්කඩේ අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට නියමිත අධිකරණ අමාත්‍යාංශ ගොඩනැඟිල්ලෙහි පළමු අදියර සඳහා රුපියල් මිලියන 3500 ක්, අධිකරණ නිවහන ව්‍යාපෘතියෙහි මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ලෙහි පලමු අදියර වෙනුවෙන් රුපියල් මිලියන 4519 ක්, මාතලේ අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් සඳහා රුපියල් මිලියන 599 ක්, ගාල්ල අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් සදහා රුපියල් මිලියන 1686 ක්, පූගොඩ අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 882 ක් සහ කන්තලේ අධිකරණ සංකීර්ණය ඉදි කිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 244 ක මුදලක් වෙන් කර තිබේ.



අදහස් (0)

අධිකරණ ගොඩනැගිලි හයක වැඩ කඩිනම් කරන්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site