
(ඩී.ජි. සුගතපාල)
ස්ථාන මාරුවක් ලැබ තිබියදි අනවසරයෙන් විදුහලට ඇතුලත්වි ඇති බව පවසා වලහන්දුව ජනාධිපති බාලිකා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනියට විදුහලට ඇතුලුවිම තහනම් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස අක්මිමණ පොලිසිය කළ ඉල්ලීම ප්‍රතිකෂේප කළ අධිකරණය මෙවැනි ඉල්ලිම් කර අධිකරණය හැල්ලුවට ලක් නොකරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා පොලිසියට තරයේ අවවාද කළේය.
නියෝජ්‍ය විදුහල්පතිනිය ඉවත්කරන ලෙස ඉල්ලා ඉකුත් 15වනදින මව්පියන් පිරිසක් දක්ෂිණ අධිවේගි මාරගයද අවහිරකරමින් විරෝධාතවක් පැවැත්වු අතර එහිදි දකුණු පළාත් අධ්‍යාපන දෙපාරතමේන්තුව ෙ ඇයට තාවකාලිව ස්ථාන මාරවක් ලබාදි තිබිණි.එහෙත් නියෝජ්‍ය විදුහල්පතිනිය කියා සිටියේ තමාට එවැනි ස්ථානමාරවිම් ලිපියක් නොලැබුන බවය.
ඒ අනුව ඇය අද දිනයේ පාසලට පැමිණ සිටියදි පොලිසිය පැමිණ අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඇයට පාසලට ඇතුලුවිම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
නියෝජ්‍ය විදුහල්පතිනිය වෙනුවෙන් පෙනිසිටි නිතිඥවරුන් කරුණු දක්වමින් කිසිම අවස්ථාවක ස්ථාන මාරුවිමේ ලිපියක් ලැබි නොමැති බවයි. මෙය එක්තරා දේශපාලඥයකුගේ ඉල්ලිමකට අනුව කර ඇති දෙයක් බවත් නිතිඥවරු කියා සිටියහ.
මෙහිදි ඉදිරිපත්වු සියලු කරුණු සළකාබැලු මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැඩිලෙස අවවාද කොට නඩු කටයුතු අද දිනයේම අවසන් කළේය.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘අධිකරණය හෑල්ලු නොකරනු‘‘ පොලිසියට තරයේ අවවාද
සමන්ත Wednesday, 27 March 2024 04:10 AM
ස්ථාන මරුවක් දුන්නා හෝ නොදුන්නා කියලා සේවය කරමින් සිටි සේවා ස්ථානයට පැමිණීම තහනම් කරන්න බැහැ. සාමාන්‍යයෙන් අනිවාර්ය නිවාඩු යැවීමක් හෝ විනයානුකූලව කටයුතු කරන අවස්ථාවක එම කටයුතු කරන්න බාධාවක් නම් වැඩ තහනම් කරන වෙලාවෙ පැමිණීම තහනම් කරන්න. විනය බලධාරීන්ට පුළුවන් පොලිස් නිළධාරින් ඒකවත් නොදන්නා බව පේනවා. ඊළඟට නිවාඩු ලබාගෙන සිටින අවස්ථාවකදීත් පැමිණීමට හැකියාව නැහැ.
සුනිමල් Wednesday, 27 March 2024 06:55 AM
නියෝජ්‍ය විදුහල්පතිට ඔය ගැන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මහලේකම් (ඔම්බුස්ට්මන්) වෙතට පැමිණිලි කරන්න පුළුවන් ඇයට කරල තියෙන්නෙ වරදක් තමයි
Sharm Wednesday, 27 March 2024 06:55 AM
ඔය ගොබ්බයෝ අධිකරණය හෑල්ලුවට ලක් කලේ අද විතරද?? එක එක පඩංගු දේශපාලුවනගෙ ඕන එපාකම් වලට නීතිය නමන එක විතරනේ උන් කවදත් කලේ..
Sriyal Wednesday, 27 March 2024 07:13 AM
මෙවැනි පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම කල යුතුය නැතිනම් ඔවුන් මෙවැනිම දේවල් කරනු ඇත
චන්දන Wednesday, 27 March 2024 08:43 AM
එයා අවුල ජාලයක් බව පලාත් වාසීන් දන්නව. එයා සමග මහත්තයා එකතු වෙලා එක එක්කෙනාට පෙත්සම්්ගහ න බව ප්‍රසිද්ධ යි. ඉතා අදක්ෂ කෙනෙක් . විදුහල්පති වරු ගණනාවකට විරුද්ධව , අධ්‍යක්ෂ වරුන් ට විරුද්ධව පෙත්සම් ගහල තියෙනව නිකරුණේ .
විමර්ශනීWednesday, 27 March 2024 06:33 PM
ඒවාට ඉතින් හිටපු පාසලට එන්න තහනම් කරන්න බැහැ. විධිමත් විනය පරීක්ෂණයක් කර විනයානුකූලව දඬුවමක් දීලා නැවතත් එවැනි දේවල් නොවෙන්න බලධාරීන් කටයුතු කරන්න ඕනෑ... ඒවාට පොලිසිය සම්බන්ධ කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය විධිවිධාන ආයතන සංග්‍රහයේ තියෙනවා. ඒත් ලොක්කන්ගේ නොදන්නා කමට බෙහෙත් නැහැ...!
ගමේ එකාලා Wednesday, 27 March 2024 07:08 PM
දූෂිත දේශපාලුවන්ට නගුට වනන අය තමයි පොලිසියේ ඉන්නේ...!