IMG-LOGO

අධිකරණයට අපහාස කළ වැලිකන්ද සභාපති කූඩු කරයි

(නිමල් ජයරත්න)

අධිකරණයට අපහාසාත්මක වන අයුරින්,අධිකරණය තුළ කකුලක් උඩ කකුලක් තබාගෙන සිටියැයි කියන සිද්ධියකට වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපති නිමල් අධිකාරි මහතා, අධිකරණ ශාලාවේ සිර මැදිරිය තුළ පැය තුනක් රඳවා කර තබන්නැයි පොලොන්නරුව මහේස්ත්‍රාත්  එම්.එම්. ෆාතිමා මින්හා මහත්මිය නියෝග කළාය.

වැලිකන්ද ප්‍රාදේශීය සභාව, රුහුනුකෙත තානායමක සංවිධානය කරන ලද උත්සවයක් සඳහා අනවසරයෙන්, විදුලිය ගත්තැයි කියන සිද්ධියකට සභාවේ විදුලි කාර්මිකයා, ඇතුළු දෙදෙනකු ,විදුලිබල මණ්ඩලයේ කොළඹ විශේෂ වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විභාග වන නඩුව සොයා බැලීමේ අවස්ථාවට සහභාගිවූ සභාපතිවරයා එලෙස අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීමේ චෝදනාව මත එසේ සිර කර තැබීය.

පොලොන්නරුව මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත්වරිය තරයේ අවවාද කර මුදා හැරීමට නියෝග කළාය.

 



අදහස් (4)

අධිකරණයට අපහාස කළ වැලිකන්ද සභාපති කූඩු කරයි

Sunil Wednesday, 04 January 2023 07:22 PM

හොඳ වැඩේ.කලින් උසාවියට බරපතළ ලෙස අපහාස කරපු සනත් නිශාන්ත කියන දේශපාලුවාට මොකද උනේ..?

:       4       40

bandara Wednesday, 04 January 2023 08:23 PM

විනිශ්චයකාරතුමියට ගරු කරමු. මෙයා හිතන්න ඇති එතැනත් ලොක්කා වගේ ඉන්න රාජපක්ෂ බලය භාවිතා කරලා...!

:       11       36

සෑම් විජේසිංහ Thursday, 05 January 2023 01:11 AM

ඒ සභාපති රාජපක්ෂ අනුගාමිකයෙක් කියලා මේ ලිපියේ කොහෙද තියෙන්නේ.

:       0       1

gagana Thursday, 05 January 2023 12:18 AM

යටට වවුලෙක් ඇඳගෙන ඉන්න ඇති . නැත්තන් දඩය ඩබල් වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site