IMG-LOGO

අද-හෙට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග වහයි

(ඉන්දිකා  රාමනායක)

පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අද (5) සහ හෙට (6)  යන දෙදින පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග සහ අතුරු මාර්ග වසා තැබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

පාර්ලිමේන්තුව අවට විටින් විට පැවැත්වෙන මහජන උද්ඝෝෂණයන් හේතුවෙන් පාර්ලිමේන්තුව වෙත ගමන් ගන්නා මැති ඇමැතිවරුන් සහ කාර්ය මණ්ඩලය අපහසු තාවයට පත් වන බවත්  ඒ හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු වලට බාධා එල්ල වන හෙයින් මෙම පියවර ගත් බව පොලිසිය.

මේ අනුව පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර මංසන්ධිය දක්වාත්, ජයන්තිපුර මංසන්ධියේ සිට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දක්වාත් මාර්ග සහ අතුරු මාර්ග වසා තැබෙන බව ද පොලීසිය සඳහන් කරයි.

එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට පමණක් අනන්‍යතාවය තහවුරු කර අතුරු මාර්ග වලට පිවිසිය හැකි බවද පොලීසිය සඳහන් කරයි.

මෙම කාලය තුළ මාර්ග වසා තැබීමෙන් මහජනයාට වන අපහසුතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය කණගාටුව  ප්‍රකාශ කරන බව ද පොලීසිය වැඩි දුරටත් පවසයි.



අදහස් (0)

අද-හෙට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1064 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site