IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


අද විදුලි කප්පාදුවක් නෑ

(යොහාන් භාසුර)

සැලසුම් කළ විදුලි කප්පාදුවක් අද (19) දිනය තුළ ක්‍රියාත්මක නොවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

සැපයුම පවත්වාගෙන යාමේදී මෙගාවොට් 150 ක පමණ ඌනතාවයක් වරින්වර ඇතිවන බවත් ඒ හේතුවෙන් ඇතැම් ස්ථානවල සුළු කාලය බැගින් විදුලිය විසන්දි විය හැකි බවත් ජනක රත්නායක මහතා කීය.

උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන් සහ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අවධානය යොමුකරමින් පස්වරු 6.00 න් පසුව විදුලි කප්පාදුවක් කෙසේවත් සිදු නොවන බවත් රත්නායක මහතා සඳහන් කළේය.

මහජන උපයෝගීතා කොමිසම ද මැදිහත්ව ඊයේ ලබාගත් විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට  අද ලැබීමට නියමිතව බව කී ජනක රත්නායක මහතා එම ඉන්ධන ප්‍රමාණයෙන්  විදුලි සැපයුම අද සහ හෙට කප්පාදුවකින් තොරව පවත්වාගෙන යා හැකි බව ද සඳහන් කළේය.



අදහස් (10)

අද විදුලි කප්පාදුවක් නෑ

vikum Saturday, 19 February 2022 02:33 PM

පේරාදෙණියේ අපිට දහවල් දෙකේ සිට විදුලිය නැත... දෙවස් දෙකක්, බොරු කියකියා මේ ආණ්ඩුව මිනිස්සු රවට්ටනවා. දැන් ආණ්ඩුවට රෙදි නැතිව ඉන්න වෙන්නේ... ඒ කියන්නේ සජියා පොරක් කියන එක නෙවෙයි...!

:       0       11

ජයනාත් Saturday, 19 February 2022 02:55 PM

ගාල්ල අපිට සවස 2 ඉඳලා විදුලිය නැහැ. හොරෙන් කපනවද?... ගස් කපනවා වගේ...

:       1       9

Sunil Saturday, 19 February 2022 03:12 PM

අන්න ඔබේ පරණ පොත...

:       0       6

RanjithT Saturday, 19 February 2022 03:20 PM

දැන් පන්නිපිටියට විදුලිය නැත. මුන් ගොන්නු නොවේ. ගොන් බඳින කණු...

:       0       10

Rasika Saturday, 19 February 2022 03:27 PM

මේ බේසික කොමිසමට වියදම් කරන්නෙත් අපේම සල්ලි... මේ අයගේ කටවල්වලට හෙන ගහන්න ඕනෑ බොරු කියනවට.. අපිට දැන් කරන්ට් ආවෙ පැයකට පස්සේ...!

:       0       6

D.P.Liyanage Saturday, 19 February 2022 03:30 PM

අපට සවස 03:20 ට කරන්ට් එක ගියා. මේ අය බොරු කියකියා මහජනතාව රවටනවා. දෙයියනේ අවනඩු කාට කියන්නද?

:       0       6

Sunil Saturday, 19 February 2022 03:48 PM

මගේ අදහස් එවා විනාඩියක්වත් ගතවූයේ නැත. අපේ නිවසට විදුලිය විසන්ධි වුණි. පැය භාගයක් ගතවීවත් විදුලිය තවම නැත.

:       0       6

ඩේසි Saturday, 19 February 2022 05:01 PM

ජොබ් නැති එවුන්ට ජොබ් දෙන්න හදපු කොමිසමක් මේක.. දැනුත් ලයිට් නෑ අපිට...

:       0       5

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 19 February 2022 05:30 PM

කාටද මේ බොරු කියන්නේ..? අද අපට හවස් වරුවේ පැයක් කැපුවා. ඊයේ හවසයි රෑයි දෙකේම කැපුවා. අද රෑටත්, අනිවාර්යයෙන්ම කපනවා ෂුවර්..!

:       0       6

mp Saturday, 19 February 2022 05:51 PM

මොන බොරුද? අද හවස පැයක් කැපුවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site