IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


අද පැය 2ක් විදුලි කප්පාදුවක්

(යොහාන් භාසුර)

 

රට පුරාම කාණ්ඩ 11 ක් යටතේ අද (21) පස්වරු 4.30 සිට ‘රාත්‍රී 10.30 දක්වා පැය දෙකක කාලයක් විදුලි කප්පාදු කරයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ඒ, බී, සී, පී, කිව්, ආර්. එස්, ටී, යූ, වී සහ ඩබ්ලිව්. ලෙස එම කාණ්ඩ නම් කර ඇති බවත් පස්වරු 4.30 සිට පස්වරු 6.30 දක්වා සහ පස්වරු 6.30 සිට රාත්‍රී 8.30 දක්වා කාණ්ඩ හතර බැගින් ද, රාත්‍රී 8.30 සිට 10.30 දක්වා කාණ්ඩ තුනක ද විදුලිය විසන්ධි කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ අඅඅගචමජිකගටදඩගකන යන නිල වෙබ් අඩවියෙන් විදුලි විසන්ධි වන කාණ්ඩය සහ ප්‍රදේශ ලබාගත හැකි බවත්ය.

අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් දහවල් කාලයේ විදුලිය කප්පාදු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය කර ඇති ඉල්ලීම නිසා පස්වරුවේ පමණක් විදුලිය විසන්ධි කරන බව ද රත්නායක මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (4)

අද පැය 2ක් විදුලි කප්පාදුවක්

sharm warn Monday, 21 February 2022 03:14 PM

අනේ ඇත්තට.. ළමයි විදුලි පහන් දල්වාගෙන විභාගෙ ලියනවා කියලා හිතාගෙනද ඉන්නේ මේ ගොල්ලෝ...? ළමයින්ට පාඩම් කරන්න පහන් දල්වන්නයි විදුලිය ඕනෑ. මේ මොන තකතීරු කතාවක්ද? රටේ ඉන්න තකතීරු පාලකයොත් එකයි, විදුලි බල මණ්ඩලේ ඉන්න හොරුත් එකයි.

:       2       18

DewaMonday, 21 February 2022 03:48 PM

මෙයාලාගෙන් රටට කිසිම වැඩක් නැත.. දිව දෙකේ කටවල් තමයි තියෙන්නේ..! 

:       0       11

කරුණාරත්න Monday, 21 February 2022 03:27 PM

මේවා පර්පාලනය කරන අයගේ තියෙන දුර්වලකම් නිසා ඇතිවෙන ප්‍රශ්න... වෙන කිසිවක් නොවෙයි. අපේ රට නම් කවදා යහමගට ගන්න පුළුවන් වෙයිද? හැම පාලකයාගේම අරමුණ ගසා කෑමයි. පාරක් හදන්නත් මන්ත්‍රීවරු මරාගන්න රටක්. මොකද ප්‍රධාන අරමුණ හොරා කෑමයි... මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ. අපේ දරුවන්ගේ අනාගතය ගැන පුදුම දුකක් දැනෙන්නේ?

:       1       10

sumeth Hemantha Monday, 21 February 2022 04:05 PM

හවස 5න් පස්සේ තමයි උසස්පෙළ ලියන සිසුන් පාඩම් කරන්නේ. නුඹලාට පිස්සුද?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site