( නිමන්ති රණසිංහ)
පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකුට බාධා කළැයි නාවික හමුදාවේ ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ රියර් අද්මිරාල් සේරසිංහ මහතාගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (02) අධිකරණයට දැනුම් දුන්නේය.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු දැක්වීම සිදු කළේය.
කොටහේන ප්‍රදේශයේ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නඩුව අද අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු දැක්වීම සිදු කළේය.
එම සිද්ධියේ ප්‍රධාන සාක්කිකරුවකු වු ලුතිනන් කමාන්ඩර් ක්‍රිෂාන්ත වෙලගෙදර යන අයට බලපෑම් කළැයි සාක්කිකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා වෙත දිවුරුම් ප්‍රකාශයක් මගින් දැනුම් දීමකට අනුව මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කරන බවට අධිකරණයට කරුණු වාර්තා කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.