(ඩයනා උදයංගනී)
සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 50 ක පමණ වේගවත් සුළං ඇතිවන බව ද ඔහු කීවේය.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වාගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අදත් පළාත් කිහිපයකට වැසි
D P P Prasad Wednesday, 07 September 2022 10:56 AM
කාලගුණ හා දේශගුණික විපර්යාසයන් සිදුවිම මිනිස් පාලනයෙන් පරිබාහිරවන අතර එය පාලනය කිරිම කිසිවෙකුට කල නොහැක.එම නිසා මෙවැනි විපර්යාසයන් නිසා ඇතිවිය හැකි භයානක උවදුරු හා විපත් පාලනය කර ගැනිමට ක්‍රම හා උපාය මාර්ග සකස්කර තිබීම තුලින් කාලගුණික විපර්යාස නිසා ඇතිවන අහිතකර තත්වයන් යම් ආකාරයට යාමනය කර ගතහැකිය. නාය යාමට තුඩුදෙන ස්ථාන හදුනාගෙන සිතියම්ගත කර දත්ත ගබඩා පවත්වාගෙන යාම හා ඒවා අවම කලහැකි තෘණ හා වන ආවරණ ඇති කිරීම කාණු පද්ධති හොදින් නඩත්තු කර පවත්වාගෙන යාම. ඇල මාර්ග හා ජල සොරොව් ආදිය නඩත්තු කර පවත්වාගෙන යෑම. උඩරට කලාපිය උවදුරට ලක්විය හැකි මහමාර්ග ප්‍ර්‍රදේශ හදුනාගෙන එවැනි ස්ථාන සදහා ආරක්ෂිත ගල්වැටි සකස් කිරිම. මහමාර්ග ආශ්‍රිතව පිහිටි ඉවුරුවල සිදුවන සෝදාපාලුව වැළක්වීම සදහා ශක්තිමත් තෘණ ආවරණ ස්ථාපිත කිරිම යන යෝජනා කෙරෙහි රාජ්‍යය මෙන්ම රාජ්‍යය නොවන සංවිධානද අවධානය යොමුකිරීම ඉතා වැදගත් වේ.