(පද්මසිරි ගාර්දියවසම්)
අත් විලංගුවක්,එයට යොදන යතුරක් සහ ගමන් කථන දෙකක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙක් තංගල්ල විතාරන්දෙනිය ඇත්ගාල්මුල්ල ප්‍රදේශයේදී තංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබ සිටිති.
මෙයින් එක් සැකකරුවකු මීගස්ආරේ මිද්දෙනිය ප්‍රදේශයේ ප්‍රකට මැරවරයකු බව පොලිසිය කියයි .
38 වන වියේ පසුවන ඔහු ජූලම්පිටිය මීගස්ආර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බවත් අනෙක් සැකකරු ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ මිද්දෙනිය කුඩගල් ආර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු බවත් පොලිසිය පවසයි .
සැකකරුවන් දෙදෙනා ජීප් රියකින් ගමන් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් ජීප් රථය නවත්වා සිදුකළ පරීක්ෂාවකදී එතුළ තිබී සැකකටයුතු අත් විලංගුව සහ ගමන් කථන සොයාගෙන ඇත .
සැකකරුවන් ගමන් ගත් ජීප් රථයද පොලිසිය බාරයට ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 16
55
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අත් විලංගුවක් සමග දෙදෙනෙක් මාට්ටු
රාලහාමි Sunday, 31 December 2023 10:09 PM
පොලිශියේ රාලහාමිලාට නැෂ්ට පෑගිලාලු.මේ මිනිස්සු සෙක්ස් ෂොප් එකකින් ගත්ත,හෑන්ඩ් කප්ස්,අරවා මේවා .. බඩු වගයක්ලු.පොලිශියේ ලොකු මහත්තයා රාලහාමිළාව එළවා ගත්තාලු.