(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අති බහුතරයක් පළාත් පාලන ආයතනවලට ‘පොහොට්ටුව’ ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බවත් ඇතැම් පළාත් පාලන ආයතනවලට එම පක්‍ෂයේ අපේක්‍ෂකයන් වෙනත් පක්‍ෂවල ලකුණින් තරග කරන අවස්ථා ද ඇතිවිය හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (2) පැවසීය.
ඡන්ද විමසීමකදී වැඳගත් වන්නේ ජයග්‍රහණය කිරීමට අපහසු කියන දේ නොව වඩා පහසුවෙන් ජයග්‍රහණය කිරීම යන කරුණ බවත් ඒ හේතුවෙන් පහසුවෙන් ජයග්‍රහණය කරන මාවතට අවතීරණ වන බවත් ලේකම්වරයා කීය.
මෙවරත් පක්‍ෂ රැසක් සමඟ ඉතාම සාර්ථක සන්ධානයකින් තරග කර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අති බහුතරයක් කොට්ඨාස ජයග්‍රහණය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති බව කී කාරියවසම් මහතා එක්සත් ජාතික පක්‍ෂය සමඟ සන්ධානගත වීමට මේ දක්වා සෘජු තීරණයක් නොමැති වුවත් එක්සත් ජාතික පක්‍ෂය සහ පොදුජන පෙරමුණ අතර අදහස් පමණක් හුවමාරු කරගෙන ඇති බව ද සඳහන් කළේය.
ගාස්තු වැඩි කර ජනතාව මත බර පැටවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය නොවූ ද එම ප්‍රතිපත්තිය විරුද්ධ තරුණ පරපුර කැරළි ගසා ජනාධිපතිවරයා ද පන්නා දැමූ බව කී කාරියවසම් මහතා පැවසුවේ විදුලි බිල වැඩි කරන්නේ නැති වුණාම ඒක වැරදි යැයි පවසා ජනතාව ඉල්ලූ ආර්ථික ප්‍රතිපත්තිය මෙය බවත්ය.
බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (2) පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අති බහුතරයක් පුංචි ආණ්ඩුවලට පොහොට්ටුවෙන් සටනට
sharm warn Monday, 02 January 2023 03:31 PM
මේ තව එක්කෙනෙක්... රට කන්නම පහළ වෙච්චි අය.. නරිවාදම් විතරයි. වෙන මුකුත් නැහැ.
Sunil Monday, 02 January 2023 03:32 PM
පොහොට්ටුව, අලියා සහ ඡන්ද හිඟාගෙන අපේ ගෙවල් පැත්ත හරියේ එන්න එපා... ආවොත් ගහලා එළවනවා.
ranjith Monday, 02 January 2023 03:33 PM
අලියා නන්නත්තාරයි. UNP නායකයෝ තමන්ගේ පුද්ගලික න්‍යායපත්‍රයට තැන දීලා පක්ෂය විනාශ කර UNP ඡන්දත් දැන් පොහොට්ටුවට...
සුරලොව ඇල්මන් Monday, 02 January 2023 03:43 PM
මුල්ලේරියාවේ රෝහලට යැවීමට අවශ්‍ය සුදුසුකම් සපිරි අයෙක් ඉන්නවා නම් පොහොට්ටුවෙන් හා නායකත්ව මණ්ඩලයක් සිටිනවා කියන නන්නත්තාර පෙරමුණෙන් ඉදිරිපත් වේවි...!
ඡන්දපාල Monday, 02 January 2023 03:56 PM
පුංචි ආණ්ඩුව වේවා පළාබබාල වේවා මහ ආණ්ඩුව වේවා මොකා මොන පක්ෂයෙන් පෙරමුණන් සංධානයෙන් චන්දය හිගාගෙන ආවත් එක් එක්කෙනා රට හදන පැහැදිලි කරන ප්‍රතිපත්ති ප්‍රකාශයේ (එහි දැක්වෙන එක් එක් කාර්යයන් ක්‍රියාත්මක කරන කාලය දක්වා තිබිය යුතු අතර එක් කටයුත්තක් හෝ නියමිත කාලයේ නොකොලොත් ඉවත්වෙලා යනවා කියන දිවුරුම් ප්‍රකාශයක් ඇති) පිටපතක් නොගෙන නම් එන්න එපා.
oops Monday, 02 January 2023 04:50 PM
මේවත් නිවුස් වලට දානවනෙ
Namal Monday, 02 January 2023 05:12 PM
පොහොට්ටුව උඩින්ම දිනවන හැටි අපි දන්නවා...
mp Monday, 02 January 2023 05:33 PM
සදාකල් ජීවත්වන මිනිස්සු...!
de silva Monday, 02 January 2023 05:46 PM
පොහොට්ටුව දිනාවි ලබන ආත්මෙදී...
NamalMonday, 02 January 2023 08:09 PM
පොහොට්ටුව දිනනවා කාගේවත් චන්ද ඕනේ නැහැ.ඒවාට ක්‍රම සහ විදි තියනවා
fairoos Monday, 02 January 2023 05:48 PM
පොහොට්ටුවේ බයි සෙට් එකට දැන් මොලේ නරක්වෙලා තියෙන්නේ. ආපහු ඔයාලට නම් ඡන්ද හම්බවෙන්නේ නැහැ.
siri Monday, 02 January 2023 06:12 PM
පොහොට්ටු ගැටෙන් අලියා නන්නත්තාරයි
Lalith M Monday, 02 January 2023 07:19 PM
එන්න එන්න තරඟකරමු. බලමු මොලේ විකෘති කට්ටිය කොච්චර ඉන්නවද කියල. හොඳම කාලය මැතිවරණ සඳහා......
de silva Monday, 02 January 2023 07:37 PM
පොහොට්ටුවට ඡන්දෙ ඉල්ලන්න ගෙයින් ගෙට යන්න වෙන්නේ හෙල්මට් දාගෙන...
Jagath Monday, 02 January 2023 09:05 PM
මොන ලකුණින් ඡන්දය ඉල්ලුවත් ඊළඟ මැතිවරණයේදී පැරදිලා මීයෝ අල්ලන්න ලෑස්තිවෙලා හිටපං.මෝඩ බූරුවා.
Don Monday, 02 January 2023 10:44 PM
සෙරෙප්පුවෙන් ගහන්න ඕනේ සෙට් එකක්
එමි එමිි Tuesday, 03 January 2023 05:32 AM
රටට මොනව වුනත් කමක් නැහැ මුන්ට ඔින ඡන්දෙ ගොන් හරක් මෙි රටට වෙලා තියන දේ පේන්නෙ නැහැ .මුන්ම හොරා කාලා දැන් ඡන්දෙ තමා ඕන . ඒත් අපේ රටෙි ඉන්න මෝඩ හරක් කතිරෙ ගහනවනෙ මොනවා වුනත්. මුන්ට බැනල වැඩකුත් නැහැ