IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් ගුවනින් යනවා

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා රජය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට රටතුළ ඇති ඩොලර් ආරක්‍ෂා කිරීමට නම් ගුවන්තොටුපළ හරහා රටින් පිටවන අතිවිශාල ඩොලර් ප්‍රමාණය නැවැත්වීමට හැකි ඉක්මණින් පියවර ගතයුතු යැයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.

ශ්‍රී ලාංකික ගුවන් මගියකුට ඩොලර් දසදහසක (10,000) ප්‍රමාණයක් රැගෙන යෑමට තවමත් නීතිමය අවසරක් ඇති බව පැවසූ එම  නිලධාරීයා ශ්‍රී ලාංකික ගුවන් මගීන්ගෙන් සියයට 99 ක්ම ඩොලර් දසදහස තවමත් රැගෙන යන බවත් සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයන් රටින් රැගෙන යන ඩොලර්වලින් නැවත පැමිණෙන විට විස්කි රැගෙන එන බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඩොලර්වලින් විශාල ප්‍රමාණයක් විස්කිවලට වැයකරන බව නිරීක්‍ෂණය වන බවත් එම නිලධාරියා පැවසීය.

පුද්ගලයකුට විදේශගත වන විට ඩොලර් 1000 ක් පමණක් ලබාදෙන බවට පෞද්ගලික බැංකු පැවසුව ද බොහෝ ව්‍යාපාරිකයන් වෙනත් ඩොලර් සපයන පුද්ගලයන්ගෙන් සහ ආයතනවලින් වැඩි මිලට ඩොලර් ලබාගෙන රටින් පිට කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

අත්‍යවශ්‍ය ආහාර සහ භාණ්ඩ ගෙන ඒමට ඩොලර් ඉතිරිකරගැනීමට නම් හැකි ඉක්මණින් නව නීති සම්පාදනය කර ගුවනින් පිටවන අතිවිශාල ඩොලර් ප්‍රමාණය නවතා ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවට රේගුවේ එම උසස් නිලධාරීයා අවධාරණය කරයි.

 



අදහස් (16)

අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් ගුවනින් යනවා

NASA Tuesday, 21 September 2021 11:57 AM

ප්‍රථමයෙන් VIP/VVIP ඩොලර් ගෙනියන්නේ කෙසේදැයි පරීක්ෂා කරන්න

:       1       36

Senarath Tuesday, 21 September 2021 12:00 PM

ගුවන් මගීන්ගෙන් 99%ක් ම ඩොලර් 10000ක් අරගෙන යන බවට කියන්නේ ලොකු බොරුවක්. මගීන්ගෙන් වැඩි කොටසක් පිටරට රැකියා කරන උදවිය. මේ දවස්වල විදේශිකයෝ අඩු නිසා. මමත් ඇතුළුව ඒ උදවිය රටෙන් පිටවෙන්නේ ඩොලර් 10000ක් තිය ඩොලර් 100ක් අතේ නැතුව

:       3       55

kamal Tuesday, 21 September 2021 12:14 PM

මේ රටේ ජාති ආලේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ට විතරද?

:       1       24

Lalith M Tuesday, 21 September 2021 12:28 PM

විදේශ විනිමය හිඟය ඇත්ත. ඒත් කල යුත්තේ ගෙන එන බඩුවල වටිනාකම පාලනය කිරීම මිස මුදල් පාලනය කිරීම නොවේ. විදේශ සංචාර වලට වියදම වගේම අතේ වැඩිපුර කීයක් හරි ඕන හදිස්සියේම අසනීප වගේ අවස්ථාවක.

:       2       31

Nuwan Tuesday, 21 September 2021 12:28 PM

මේ මොන ප්‍රකාශයක්ද?

:       2       26

nimal Tuesday, 21 September 2021 12:41 PM

අඩුම ගානේ මේ අය මේ රටින් නිදහසේ පිටවෙලා යන්නවත් දෙන්නේ නැහැ.

:       1       17

gagana Tuesday, 21 September 2021 12:45 PM

සල්ලි අච්චු ගහ ගහ සිම්බාබ්වේට වෙච්චි දේ වගේ මෙරට පත්කරන ගමන් පුළුවන් තරම් මිනිස්සුන්ට තියෙන අවස්ථා හිරකරන්න මාන බලනවා. ඔහෙලාට විස්කි විතරයි පෙනෙන්නේ... විදේශ අධ්‍යාපනය ලබන දරුවන්ට මුදල් යවන්න ක්‍රම නැතුව බලන් ඉන්නේ... පිටරට වැඩකරලා උපයපු මුදල් NRFC ගිණුම් වලදාලා අපේම විදේශ ගිණුම් වල තියෙන මුදල් වලින් අවශ්‍ය වෙලාවට මුදල් ගන්න ගියාම ඩොලර් 250ක් දෙන්නම්ලු. 250 රෝල් කරලා තියාගන්න කියල අතේ අරන් තමයි දැන් යන්න වෙලා තියෙන්නේ. දැන් ඒකත් නවත්තන්න මාන බලනවා. කරන්න දෙයක් නැති නිසා වැඩි ගණන්වලට රුපියල් ඩොලර්වලට මාරුකරලා අතේ ගෙනියන්න බැරි නම් මෙරටට වෙලා වැළලෙන්නද කියන්නේ...! අපට සියල්ල හමාර වෙන්නද යන්නේ..?

:       1       24

අමල් Tuesday, 21 September 2021 12:54 PM

වරකට පිටරට ගෙනයා හැක්කේ ඩොලර් 5000 පමණි . ඊට වැඩිය ගෙනයනවානම්, එය වැලැක්වීම මෙම තොරතුරු ලබාදුන් රේගු නිලදාරීන්ගේ වගකිම වේ

:       4       9

SUNIL MILANO Tuesday, 21 September 2021 02:00 PM

ගිය බ්‍රහස්පතින්දා රටින් පිටවෙන්න ආපු මගේ වයිෆ්ගේ බෑගයේ තිබුන කුළු බඩු කිලෝ 3 ක් පමණ ගසාකන්න පෝටර් කෙනෙක් සහ ඒ වෙලාවේ කවුන්ටරයේ හිටපු නිලධාරියත් හවුල් වෙලා .බඩු ටික දාලා දෙන්නම් .යුරෝ 20 ක් ඉල්ලලා (පෝටර් ) .කිසිම ලැජ්ජාවක් නැතිව ඒ මනුස්සයා අර ටික අරගෙන ගිහිල්ලා .ඕකයි එයාපෝර්ට් එකේ තත්වය .(කටාර් එයා උදේ 03.45 )

:       1       9

asankaTuesday, 21 September 2021 03:31 PM

ඇයි එයාපෝර්ට් එකේ මගීන් සමග ගනුදෙණු කරන ස්ථානවල CCTV කැමරා සවි කරන්නේ නැත්තේ? ගුවන් තොටුපොළේ මේ ස්ථානවල වැඩකරන සේවකයින්ට අමතරව, දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් මගින්ට ඇතිවන ගැටළු විසඳීම සඳහා සැමවිටම සිටියේ ඒ ස්ථානවලයි. අද රටේ ඇති කුළු බඩු හිඟය නිසා මේ සේවකයින් ඒවා හොරකම් කිරීමට මාන බලනවා. ගුවන් තොටුපොල මගීන්ට හිරිහැරයක් නොමැති ස්ථානයක් විය යුතුයි.

:       0       2

ganegoda Tuesday, 21 September 2021 02:56 PM

ඔය දියවන්නාවේ ඉන්න අයගේ විදේශ බැංකු ගිණුම්වලට තමයි යන්නේ. අනිත් ටික ඉතින් හෙරොයින් මාෆියාවට...!

:       3       3

sanjeewa Tuesday, 21 September 2021 05:31 PM

සෙනරත් පිස්සුද ,මේකේ රැකියා කරන අය ගැන කියනවද .රැකියා කරන මිනිස්සුන්ට මොකටද ඩොලර් .අද ඩොලර් 10000 අරන් යනවා .තවත් දින දෙකකින් තවත් 10000 අරන් යනවා .මේවා අපි දන්න දේවල්

:       0       1

SenarathThursday, 23 September 2021 09:48 AM

මේකේ කියන්නේ ශ්‍රීලංකා ගුවන් මගින් ගැන. එතකොට රැකියාවලට යන උදවිය එයට ඇතුලත් නොවෙන්නේ කෙසේද.?

:       0       2

ajith Tuesday, 21 September 2021 10:18 PM

ඩොලර් ගෙනියන්නෙ නැතුව රුපියල් ගෙනියන්නද කියන්නෙ, රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවීමට අවුරුදු හැත්තෑගානක් රට කෑ හරක් වගකිව යුතු නොවේද. මිනිස්සුන්ට දොස් පවරන එක සාදාරන නැහැ නේද ,, අනෙක ලංකාවේ මනුෂ්‍යයෙක් විස්කි ගෙනාවහම මොකද වෙන්නෙ සමහර මිනිස්සු ඔය ගේන විස්කි බෝතලයෙන් ජිවිත කාලයටම එක සොට් එකක් විතරක් වෙන්න පුලුවන් විස්කි බොන්නෙ මොකද ලංකාවේ 99% විස්කි සොට් එකක් බොන්න නැහැ අර ගල් බොතලය ඇරෙන්න.. වෙන රටවල ඔය ගල් බෝතලය ගන්න සල්ලි වලින් සුපිරි විස්කි එකක් බොන්න පුලුවන් .. මෙිවා බොරු නෙමෙයි ..

:       1       2

Nihal Wednesday, 22 September 2021 02:04 AM

දොඩම් බොන්න ,ගානත් අඩුයි ඇඟත් ලස්සනයි සල්ලිත් ඉතුරුයි

:       0       0

sampath Wednesday, 22 September 2021 10:05 PM

මමනම් හිතන්නේ අරන් යන මුදල් ප්‍රමාණය තවත් වැඩි කල යුතුයි .මොකද රට යන්නේ කාත් කව්රුත් නැති තැනකට .එහෙදි මොන වියදමක් කරන්න වෙයිද දන්නේ නෑ .ලොක් ඩව්න් කලොත් එහෙදි වියදම් කරගන්නේ කොහොමද .නමුත් විස්කි ගෙනාවනම් ඒවා රාජසන්තක කරලා ලොකු දඩයකුත් ගහන්න .ඒකට කමක් නෑ .මිනිස්සු රෝන්දේ ගහන්නේ තමන්ගේ සල්ලි වලින් ,රටේ සල්ලි වලින් ආණ්ඩුවේ නිලධාරීන් රෝන්දේ ගහන ඒවා නවත්වන්න .

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 827 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 349 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 335 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 247 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 418 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 429 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 204 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site