IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අතවර සිද්ධියකට කොස්තාපල්ගේ වැඩ තහනම්

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කුඩා දරු දෙදෙනකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වාද්දුව  පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පානදුර පොලිස් අධිකාරී කාර්යාලය කියයි

පානදුර  වැඩ බලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ( සහකාර පොලිස් අධිකාරී) නිශාන්ත සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර මහතා විසින් වැඩ තහනම සිදුකර ඇත

සැකකාර කොස්තාපල්වරයා ඉකුත් 11 වෙනි දින  රාජකාරී විවේකය වාර්තාකර ඔහු පදිංචිව  සිටින කොස්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය අවස්ථාවේදී වයස අවුරුදු 7 ක පිරිමි දරුවෙකුට සහ වයස අවුරුදු  13 ක ගැහැණු දරුවෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන  අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි



අදහස් (0)

අතවර සිද්ධියකට කොස්තාපල්ගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 109 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site