(ඉන්දිකා රාමානායක)
සැකකටයුතු යාත්‍රා පරික්ෂා කිරීම සදහා අණුයුක්ත කර සිටියදි නාවික හමුදා සාමාජිකයන් 6 දෙනකු සමග අතුරුදහන් වූ නාවික යාත්‍රාව දකුණු මුහුදු තීරයේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ ඇති බවට තොරතුරු ලැබුණ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
මෙම යාත්‍රා එය ජාත්‍යන්තර මුහුදේ ඇති බවට තවත් නාවික හමුදා නෞකාවක් වෙත අද (18) පෙරවරුවේ කර තිබු දැනුම් දීමක් මත එම නෞකාව ඉහත යාත්‍රාව වෙත ගමන් කරමින් සිටිය බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම යාත්‍රාව ගොඩබිම වෙත රැගෙන ඒමට නියමිතව ඇත.
යාත්‍රාව එංජිම ක්‍රියා විරහිත වීම නිසා එය ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත ගසාගෙන ගොස් ඇති බවට දැනුම් දී ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
හය දෙනකුගේ සමන්විත මෙම නාවික හමුදා කණ්ඩායම (16) දින මෙහෙයුම සදහා දකුණු මුහුද තීරයට ගොස් ඇති අතර, (17) දින සිට ඔවුන්ගේ සන්නිවේදන බිඳ වැටීමෙන් මේ දක්වා ඔවුන් අතුරුදන්ව ඇති බව නාවික හමුදාව කියයි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුදහන් නාවික යාත්‍රාව දකුණු ජාත්‍යාන්තර මුහුදේ
sampath Tuesday, 18 October 2022 10:18 PM
මේක මාළු අල්ලන්න ගිය බෝට්ටුවක් වෙන්න බෑ. ඒ නිසා පුහුණු නිලධාරීන් වගේම නවීන උපකරණ තිබිය යුතුයි.
බකුරා Wednesday, 19 October 2022 09:48 AM
අනේ මන්ද. මේ අය ළඟ පණිවිඩයක් දෙන්න වත් නවීන උපකරණයක් වත් තිබිලා නෑ.
Mallika gunaratne Wednesday, 19 October 2022 11:31 AM
අනෙ ඒ කට්ටිය හැකි ඉක්මනින් හමු වෙවා කිසිදු කරදරයක් නොම වෙවා බුදුසරනයි ඒ සියලුම දේනාන සියලු දෙවි රැකවරණය ලැබේවා