IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අතුරුදන් වූ මෙහෙණින්වහන්සේලා තිදෙනා නුවරඑලියෙන් හමුවෙයි

(ඉන්දිකා  රාමනායක )

මිනුවන්ගොඩ බොරළුවත්ත ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමය සිට අඅතුරුදන් වූ බාලවයස්කාර මෙහෙණින් මෙහෙනින් වහන්සේලා තිදෙනා  නුවරඑළිය පොලිසිය මගින් මඟින් සොයාගෙන ඇත.

වයස අවුරුදු  12, 15 18  යන වයස්මෙවල   පසුවු  මෙම   මෙහෙණින් වහන්සේලා තිදෙනා ඉකුත් (24) දින සිට මෙහෙණි ආරාමය සිටි වයස අවුරුදු (32) ක කාන්තාවක් සමග අතුරුදන්ව ඇති බවට මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි ලැබී තිබු බව පොලිස් මූලස්ථානය පවසයි.

සැකකාර කාන්තාව  නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.  මෙහෙණින් වහන්සේලා නුවරඑළිය  ඇගේ ඥාතී නිවසකට  රැගෙන ගොස් සිටියදී එම නිවැසියන් මෙහෙනින් වහන්සේලා තිදෙනා සහ කාන්තාව  ඊයේ  (26) නුවරඑළිය පොලිසියට බාර දී ඇත.

ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ආරාමයේ සිටින ප්‍රධාන මෙහෙණින් වහන්සේගේ කරදර නිසා කාන්තාව සමඟ පැමිණි බවයි. සැකකාර කාන්තාව සහ මෙහෙණින් වහන්සේලා  වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලීසියට භාර දී ඇත



අදහස් (14)

අතුරුදන් වූ මෙහෙණින්වහන්සේලා තිදෙනා නුවරඑලියෙන් හමුවෙයි

Lalla Sunday, 27 August 2023 04:01 PM

ඔය ළමයි දෙමාපියන්ට බාර දෙන්න. තවත් අපරාධවලට ඉඩ දෙන්න එපා...

:       88       86

Sarasi Sunday, 27 August 2023 04:57 PM

තවම දෙමව්පිය සෙවණේ ඉන්න ඕන ළමයි මොකට තැන්තැන් වලට යවනවාද. පුදුම දෙමව්පියෝ...!

:       78       69

චන්දිම Sunday, 27 August 2023 05:15 PM

මහා ප්‍රජාපති රහත් මෙහෙණින් වහන්සේගෙන් පැවත ආ මෙහෙණි සසුන කලකට ඉහත අභාවයට ගියා කියලා අපි නම් අහලා තියෙන්නේ. එතකොට කොහොමද මේ මෙහෙණින් වහන්සේලා කියලා පිරිසක් වැඩ ඉන්නේ? මම දැකලා තියෙනවා වැඩිවියවත් නොපැමිණි දැරිවියන් හිස මුඩුකරවලා මේ විදියට පැවිදි කරනවා කියලා මුහුණු පොතේ පින්තුර දානවා. කවුද වග වෙන්නේ? මේ ලාබාල තරුණ ගැහැණු දරුවන් ජීවිතේ සහ ලෝකේ ගැන දනගෙනද මේ දේවල් කරන්නේ...? අන්තිමේදී වංචනිකයින්ට අහුවුණොතින් හරිම අපරාධයක් නේද වෙන්නේ...?

:       65       68

ඇබිත්තෙයා Sunday, 27 August 2023 06:10 PM

ඔබේ අදහස නිවැරැදියි. ඇත්තටම උපසම්පදාව නැතුව කොහොමද මෙහෙණින් වහන්සේ කියන්නේ කියන්න පැහැදිලි කරන්න කෙනෙක් ඇත්තේම නැද්ද? මම දන්න හැටියට නම් කියන්න ඕන සාමනේරීන් වහන්සේ කියලා තමයි...

:       69       29

REV EHETUWEWE BUDDHARAKKHITHA Sunday, 27 August 2023 10:51 PM

අනවබෝධයෙන් පළකරන අදහස්, අනුවනයෙක් විදිහට අනුමත නොකරන්න.

:       4       30

සරත් Monday, 28 August 2023 09:29 AM

මොකද්ද උපසම්පදාව කියන්නෙ

:       3       3

REV EHETUWEWE BUDDHARAKKHITHA Sunday, 27 August 2023 10:48 PM

මහා ප්‍රජාපති මහරහත් භික්ෂූනින් වහන්සේ ඔයාට මෙහෙණිය උනේ කොහොමද කියලා මට පැහැදිලි කරන්න පුලුවන්ද කරුණා කරලා.

:       3       36

මහසෙන් Sunday, 27 August 2023 07:44 PM

පිරිමි 50 ක් එකට හිටියත් ගෑණු දෙන්නෙකුටවත් එකතැන ඉන්න බෑ කියන්නෙ ඕකයි.

:       1       26

උපාලි Monday, 28 August 2023 06:40 AM

භික්ෂුනී ශාසනයක් දැන් ලෝකයේ නැත. වර්ශ බොහෝ ගණනකට පෙර එය නැතිවී ගියා. නැවත බුද්ධ ආඥා විනය අනුකූලව භික්ෂුනී ශාසනයක් ඇතිවීමට උපසම්පදා භික්ෂූන් වහන්සේලා 4 නමක් ස්ත්‍රී ලිංගයට පරිවර්තනය විය යුතුයි. සාමනේරීන් ලෙසවත් පැවිදි කිරීමට භික්ෂුනී ශාසනයක් නැත.

:       17       6

W d Silva Monday, 28 August 2023 09:02 AM

මෙහෙනින් වහන්සේලා නැතුව මොකද්ද කියන්නේ දන්න දෙවල් පණ්ඩිතකමට කියවන්න එපා කෙනෙක් ගෙන් අසා දැන ගන්න උපසම්පදාව ලැබූවන් පසු භික්ෂුණීන් වහන්සේ කියා ආමන්ත්‍රණය කරන්න ව ඇතිවී තිබෙන තත්වය සැබෑ ස්වරූපය තේරුම් නොගෙන වචන පස්සෙ හරඹ කරන්න එපා අවශ්‍ය වන්නේ වර්තමානයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ගේ මැදිහත්වීම දැන් දැන් සිටින සුනන්ද කාරියප්පෙරුම ඉතා දක්ෂ නිලධාරියෙක් . ස්තුතියි

:       24       6

සරත් Monday, 28 August 2023 09:26 AM

මොකද්ද උප සම්පදාව කියන්නෙ.

:       1       1

janath Monday, 28 August 2023 11:23 AM

කරුණාකර ඔය ළමයි තුන්දෙනාව දෙමාපියන්ට බාර දෙන්න .

:       15       9

මහේෂා ඒකනායක Monday, 28 August 2023 11:36 AM

මිනුවන්ගොඩ පොලීසියට බාදිදලලා වැඩක් තියෙනවද. එතනින් පැමිනිල්ලවත් ලිව්වෙ නෑ කියලා තාත්තා කිව්වා. අනික ඔය ආරමයට ආයෙත් යවලා ඒ මෙනහනින් වහන්සේලාට ආරක්ෂාවක් නැහැ කියලයි මට හිතෙන්නෙ . හොදම තැනකට දෙන්න. නැත්තම් දෙමව්පියන් බාර ගන්න. මොකමෙ මේකතා කියවන අටපිත් කේන්තිය වේදනාව ඇති වෙලා නිකම් පව් පිරෙනවා

:       8       6

සෙනෙවිරත්න Friday, 01 September 2023 05:55 AM

මොන විදියට මහන වුණත් මෙහිණින් වුණත්, මේ ගැහැණු ළමයි. වැරදිලා ගියොත්, කාගේ හරි නොමනා වැඩකට යොමු කළොත් ප්‍රජාපති පරපුරේ කියලා අතහරින එකක් නැහැ. ඒ නිසා ළමුන් සඳහා රටේ නීතිය ක්‍රියාත්මක කරන්න. මෙහෙණි වුණා කියලා කාන්තාවකගේ හැඟීම් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන කෙස්පැලෙන තර්ක වැඩක් නැහැ...

:       12       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site