(ජේ.ඉඳුරුවගේ)
හම්බන්තොට හා යාපනය ප්‍රදේශවලින් මසුන් මැරීම සඳහා මුහුදට ගොස් ඇති ධීවර යාත්‍රා දෙකක ධීවරයින් හය දෙනෙකු පිළිබඳව දින ගණනාවක් තිස්සේ කිසිදු තොරතුරක් හෝ පණිවුඩ හුවමාරුවක් නොමැති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි.
හම්බන්තොට නැංගුරම් පොළකින් හා යාපනය පේදුරුතුඩුව තොටුපොළකින් ඉකුත් 07 දා හෝ ආසන්න දිනකදී කුඩා යාත්‍රා මගින් මොවුන් මුහුදු ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.
හම්බන්තොටින් මුහුදු ගිය එක් දින යාත්‍රාවේ ධීවරයින් දෙදෙනා ද යාපනයෙන් මුහුදු ගිය යාත්‍රාවේ සිවුදෙනා ද මෙසේ ආගිය අතක් නොමැතිව සිටින බව කහවත්ත මහතා පැවසීය.
නාවික හමුදාව මෙන්ම මුහුදේ ඇති ධීවර යාත්‍රාවල ධීවරයන් දැනුවත් කරමින් මොවුන් සොයා ගැනීම සඳහා මේ වන විට නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි මේ පිළිබඳව කළ විමසීමකදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා අද සවස පැවසීය.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුදන් ධීවරයන් 6 ක් සොයා සෝදිසි මෙහෙයුම්