IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ආ පුද්ගලයෙක් මරුට

(එස්.ඩී. කොඩිකාර )

කොටපොළ  සතොසට  අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු  අද (26) හෘදයාබාධයකින්  මියගිය බව කොස්මෝදර පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මගහේන ,කොටපොළ  ,ගල්දොල පදිංචි (69) හැවිරිදි  රණවක අමරදාස නමැත්තෙකු බව හඳුනාගෙන තිබේ.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මොහු අද අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා කොටපොල සතොසට  යතුරුපැදියකින්  පැමිණ ඇති අතර  මොහු මුඛ ආවරණයක් පැළඳ  නොසිටි  හෙයින් පොලිස් නිලධාරීන් ඔහුට මුඛ ආවරණයක්ද ලබාදී එය පැළද භාණ්ඩ මිලදී ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.

භාණ්ඩ මිලදී ගැනීමට පෝලිමට යාමටත් පෙර යතුරුපැදිත් සමග ඔහු  බිම වැටී ඇති අතර  ඒ සමගම පොලිස් නිලධාරීන් ත්‍රීරෝද රථයක නංවා රෝහල් ගත කිරීමට කටයුතු කළත් ඒ වනවිටත් ඔහු මියගිය බව දෙනියාය මූලික  රෝහලේ  ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන්  කොස්මෝදර  පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .



අදහස් (2)

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ආ පුද්ගලයෙක් මරුට

ලක්ස්මන් Thursday, 26 March 2020 12:46 PM

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාත් තවත් ඉහලම නිලධාරීන් කීපදෙනෙකුත් මුඛ ආවරණ පැළඳම අවශ්‍යම නොවන බව ප්‍රකාශකර ඇතත් සමහරක් පළාත් පාලන සභාපතිලාත් පොලිස් නිලධාරීනුත් මුඛ ආවරණ පැළඳමට බලකරන බවක් පුවත් මගින් අසන්නට හා දකින්නට ලැ‍බේ. නමුත් වයස්ගතවූ සමහර කෙනෙකුට කලාතුරකින් මුඛ ආවරණය පැළඳ සිටීමේදී හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවිය හැකිය.‌ මේ ගැන අවධානය යොමුවීම සුදුසුය.

:       0       1

ලක්ෂ්මන් Thursday, 26 March 2020 12:54 PM

පව් අප්පා... වයසක අයට භාණ්ඩ මිළට ගැනීමට නගරයට නොයන්න කියා තිබියදීත් මොහු යන්න ඇත්තේ වෙනත් කෙනෙකු නොසිටි නිසා වෙන්න ඇති...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31437 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13713 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11040 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1055 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 291 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site