
(අංජුල මහික වීරරත්න)
අත්‍යවශ්‍ය දුම්රිය සේවා නිලධාරීන් රඳවා ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුම්රිය බලධාරීන්ට දැනුම් දී තිබේ.
දුම්රිය සේවකයන් රැසක් ජනවාරි පළවෙනිදා සිට විශ්‍රාම ලැබීම නිසා දුම්රිය ගමන් වාර සැලකිය යුතු ගණනක් අවලංගු කිරීමට සිදුවීම සම්බන්ධයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගෙන් විමසූ පැනයකට පිළිතුරු දෙමින් ලේකම්වරයා පැවසූයේ මෙි සිදුවීම වී ඇත්තේ ජනාධිපතිතුමාගේවත් ආණ්ඩුවේවත් වරදක් නිසා නොවන බවයි.
මෙවැනි තත්ත්වයක් ඇතිවීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී විසින් විෂය බාර ඇමතිවරයාට මෙන්ම ආණ්ඩුවේ බලධාරීන්ට වාර්තා කරන්නට අවශ්‍යව තිබූ බවද රංගේ බණ්ඩාර මහතා කීය.
ප්‍රශ්නයක් මූලික අදියරේදී ම විසඳා ගැනීමට සහ තවත් පිරිසක් සූදානම් කිරීම දුම්රිය බලධාරීන්ගේ වගකීමක් බවද රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
164
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්‍යවශ්‍ය දුම්රිය නිලධාරීන් රඳවා ගන්න
UPUL GUNARATNE Monday, 02 January 2023 04:32 PM
මේ සාමාන්‍යාදිකාරි මෙනවද කරන්නෙ . මේවට ඔහු සම්පූර්ණයෙන් වගකිවයුතුයි.
C.K.Lankaputhra Monday, 02 January 2023 04:40 PM
දුර දක්නා නුවණක් නැති රාජ්ය ආයතන ප්රධනීන් නිසා තමයි මේ වගේ ප්රශ්න ඇතිවන්නේ. ඒ ගොල්ලන්ට නුවණ තියෙන්නෙ හොරකම් කරන්ටයි ඉදිරියටත් හොරකම් කිරීමට මග සලසා ගැනීමට පමනයි. දුම්රිය සේවය පාඩු ලබන දෙපාර්තමේන්තුවක් වෙලා තියෙන්නේ මේ තත්වය නිසයි. හැබැයි මේ තත්වය නිවැරදි කරන්නට කිසිම මැති ඇමතියෙකුටවත්ව උමනාවක් නැහැ. පුදුමය අන්න ඒකයි. ඒකටත් හේතුවක් ඇති.
Sunil Monday, 02 January 2023 04:46 PM
දැන්ද වැටහුනේ ? පනින්න පෙර සිතා බලමු.
Lalla Monday, 02 January 2023 07:16 PM
දුම්රිය සාමාන්‍යාධිකාරී දුම්රිය වෘත්තීය සමිතිවල අතකොලුවක් වෙලා. කිසිම තීරණයක් ගන්න බැරි කෙනෙක්..
Peduru Tuesday, 03 January 2023 05:42 AM
බ්‍රිතාන්‍ය පාලන කාලයේ රජයේ ඉහල තනතුරුවලට පත්කරනු ලැබුයේ පහල සිට මනා පලපුරුද්දක් ලද නිලධාරීන් මිස කිසිම පලපුරුද්දක් නොමැති උපාධියක් හෝ ආචාර්ය උපාධි දරුවකු නොවේ. හොඳම උදාහරණය දුම්රිය රියදුරෙකු ලෙස සේවයට බැදුනු රම්පේ මහතාය. එදා ස්ථීර ලේකම්වරයෙකු ලෙස පත්වුයේ ලිපිකාර සේවයට බැදී එතැන් සිට මනා පලපුරුද්ද ලද නිලධාරියකු මිස උපාධිධාරීන් අතරින් පරිපාලන සදහා විභාගයක් පවත්වා ඒ තුලින් පරිපාලන සේවයට පැමිණි අය නොවේ. නමුත් 1972 න් පසූ රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීමෙන් පසු නිලධාරීන් අවශ්‍ය වුයේ යතු දේ කිරීමට නොව දේශපාලකයාට අවශ්‍ය දේ කරවා ගැනීමටය. ඒ සදහා ඔවුනට අවශ්‍ය මුදල් රෙගුලාසි හා පරිපාලන රෙගුලාසි ගැන නොදන්නා නිලධාරීන්ය. අද මෙරට මේ තත්වයට පත්වීමට ප්‍රධාන එක් හේතුවකි. පසුගිය රජය වියත්තු කියා පත්කරගත් අයගෙන් වූ සේවය කුමක්ද? මෙය තවත් උදාහරණය කි.
Bamunuarachchi Wednesday, 04 January 2023 07:41 AM
ඉන්න නිලදාරීන් කවදාහෝ පැන්සෝන් යන බව අදාළ ආයතන දන්නේ නැද්ද? අවුරුදු 60 න් විශ්‍රාම ගන්න නිලදාරියාගේ වැඩ කරන්න අව්රුදු 55 රාජකාරි කල නිලදාරියාට බැරිද? ඒ 55 හේ කෙනා 60 ගොයියාගේ වැඩ කරන්න බාර ගත්තාම 55 ගොයියාගේ වැඩ ටික කරන්න 45 සර් විස් තිබෙන කෙනාට බැරිද? පුලුවන් නම් මේ විදිහට නිලදාරින් ඉහලට තල්ලු උනාම අලුතින් බඳවා ගන්න වෙන්නේ පහල ශ්‍රේණිවලට නේද? අවුරුදු 55 විශ්‍රාම යන කාලේ නිලධාරීන් විශ්‍රාම ගියේ නැද්ද? මෙතන වෙන මගෝඩි වැඩක් සිද්ද වෙනවා. ඒගැන සොයා බලන්න.රැකියාවල් කරන්න සුදුසු උගත් ළමයින්ට අවස්තාව දෙන්න . ගෙවල්යෝ වගේ ඉන්න මේ නාකි හැත්ත පන්න දමන්න.