IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අත්තනගල්ලේ පුටු බෙදිල්ලක් මැතිවරණ කොමිසමෙන් නවත්වයි

වතුපිටිවල එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අත්තනගල්ල කොට්ඨාසයේ ස්වේච්ඡා සංවිධාන රැසකට රුපියල් ලක්ෂ 50කට අධික වටිනා භාණ්ඩ රැසක් බෙදා දීමට සූදානම් කර තිබියදී ගම්පහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් විසින් මෙම භාණ්ඩ බෙදාදීම වහාම අත්හිටුවනු ලැබ තිබේ.

අත්තනගල්ල කොට්ඨාසයේ ලියාපදිංචි අවමංගල්‍යාධාර සමිති, සුබසාධක සමිති, ගොවි සමිති, කාන්තා සමිති සදහා ප්ලාස්ටික් පුටු, හට් සහ කෘමිනාශක දියර ඉසින යන්ත්‍ර මෙසේ බෙදාදීමට කටයුතු යොදා තිබී ඇත.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකගේ විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ මෙම භාණ්ඩ මිලදී ගෙන ඇති අතර හට් පුටු යනාදිය මෙම භාණ්ඩ ලබා ගැනීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස එම ස්වේච්ඡා සංවිධාන නිලධාරීන් වෙත අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුම් දී තිබී ඇත.

මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ මිලදී ගෙන ඇති භාණ්ඩ රැසක් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ස්වේච්ඡා සංවිධාන රැසකට බෙදාදීමට කටයුතු යොදා ඇති බවට ගම්පහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්ට කරන ලද පැමිණිල්ලකට අනුව භාණ්ඩ බෙදාදීම වහාම අත්හිටුවන ලෙස සහකාර මැතිවරණ කොමසාරිස් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දී ඇත.

 



අදහස් (5)

අත්තනගල්ලේ පුටු බෙදිල්ලක් මැතිවරණ කොමිසමෙන් නවත්වයි

ජයනාත් Friday, 16 August 2024 05:54 AM

රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ප්‍රවර්ධනයට යොදා ගැනීම ..නින්දිතයි.

:       2       22

Lankabarana Friday, 16 August 2024 05:57 AM

මෙහෙම විවිධ ප්‍රදේශවල විවිධාකාරයෙන් රජයේ මුදල් නැත්නම් ජනතා මුදල් භාණ්ඩ බෙදාහැරීම නිසා උපරිමයෙන් නාස්ති වෙනවා සමහර සමිති හතු පිපින්නා වගේ ඇතිවෙනවා නැතිවෙනවා භාණ්ඩ නාස්ති වෙනවා නැත්නම් හිටපු නිළධාරි පුද්ගලික දේපළ ලෙසට පරිහරණය කරනවා බලන්න කෙනෙක් නැහැ මෙහෙම දේවල් රටේ සංවර්ධනය වෙනුවෙන් කරන දේවල් නොව දේශපාලුවො පුද්ගලික ලාභ ප්‍රයෝජන සදහා කරන දේවල් පමණයි මම අත් දැකීමක් කියන්නම්කො එක මිනිහෙක් දේශපාලුවො පස්සෙ ගිහිල්ලා එක සමිතියකට ෆ්ලාස්ටික් පුටු 25 ක් ලබා ගත්තා ඉන් පස්සෙ මිනිහා කියනවා මට අදසිට සමිතියේ යාවජීව සාමාජිකත්වය සමග සියලු වරප්‍රසාද අවශ්‍යයි කියලා අන්තිමේ සියලු දෙනාම විරුද්ධව සිටියා සමිතිය වැසී ගියා ඔන්න ඔහොමයි වැඩ ,එනිසා කුමන රජයක් යටතේ වත් මේ අනවශ්‍ය වියදම් නොකිරීමට කටයුතු කරන්න ඕන

:       0       15

Nimal 1 Friday, 16 August 2024 08:32 AM

බොහෝ දෙනකුගේ ආසන අහිමි වීම ළඟදීම සිදුවන නිසා මේ පුටු බෙදාගන්න ඉඩ හරින්න

:       0       19

Sunil Friday, 16 August 2024 10:24 AM

ඒක නම් සහතික ඇත්ත. ඊළඟ වතාවේ පාර්ලිමේන්තුවට යන්න බැරිවුනාම අඩුම තරමින් ගමේ මරණාධාර සමිතියක සභාපති කෙනෙක් වත් නොවුනොත් මුල්ලේරියාවෙ නේවාසික වෙන්න වෙනවා. ඒක නිසා ඔය පුටු බෙදීම ගමේ මරණාධාර සමිතියේ බලය ගන්න කරන උපක්‍රමයක් වෙන්න පුළුවන්

:       0       13

සෙනෙවිරත්න Friday, 16 August 2024 12:17 PM

ඔන්න ඔබ ගෙවන බදුුවලට අත්වන ඉරණම. ඉතින් බදු අඩු කළ නොහැකි යැයි කියන්නේ මේ නිසයි. විනිවිද පෙනෙන බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එන් පී පියට බලය දෙන්න...

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site