
( රොමේෂ් මධූෂංඛ සහ ගයාන් සූරියආරච්චි)
මුලතිව් ඔඩ්ඩුසුඩාන් කත්සිලෙයිමඩු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීමෙන් එම ටිපර් රථයට වෙඩිතැබීමක් සිදුකොට රියදුරු සිය භාරයට ගත් බව පොලීසිය කියයි.
ඔඩ්ඩුසුඩාන් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මත්දුව්‍ය ජාවාරම් හේතුවෙන් පොලිස් නිල සුනඛයින්ද යොදා ගනිමින් මාන්කුලම් මුලතිව් ප්‍රධාන මාර්ගයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් කරන ලද අතර එහිදී මාන්කුලම් සිට පුදුකුඩිඉරිප්පු දෙසට ධාවනය වූ ටිපර් රථයකට මෙලෙස වෙඩි තබා ඇත.
ටිපර් රථ රියදුරු විසින් පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ටිපර් රථයේ පසුපස රෝදවලට වෙඩි තබා ටිපර් රථය නවතා එහි රියදුරු පොලිස් භාරයට ගනු ලැබීය.
ටිපර් රථයේ නීතිවිරෝධී කිසිවක් හමු නොවී ඇති අතර රියදුරු පොලිස් අණනොතකා ධාවනය කිරීමට හේතුව අනාවරනය වී නොමැත.

2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අණ නොතැකූ ටිපරයට වෙඩි