IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


අණ නොතකා ගිය රියට වෙඩි:කේරළ ගංජා සමඟ යුවළක් කොටුවෙයි

(කේ බුද්ධික කුමාරසිරි)

මාලබේ හෝකන්දර විස්කම් මාවත අසලදී පොලිස් අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට වෙඩි තබා නවැත්වීමට කටයුතු කර එම මෝටර් රථය සෝදිසි කිරීමේදී එහි තිබී කේරළ ගංජා කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව මාලඹේ පොලිසිය පවසයි.

එම මෝටර් රථයේ සිට අත්අඩංගුවට ගත් ගැබිනි කාන්තාවක් ඇතුළු යුවළගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම සැකකරුවන්ගේ පදිංචිව සිටි කඳුබොඩ දෙල්ගොඩ ප්‍රදේශයේ නිවසෙහි තිබී තවත් කෙරළ ගංජා කිලෝ එකක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

මාලඹේ පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරක් මත ළු කණ්ඩායමක් හෝකන්දර විෂ්කම් මාවත අසල මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කරමින් සිටි අතරතුර ලද තොරතුරට අනුව සොයමින් සිටි මෝටර් රථය එම ස්ථානයට පැමිණීමත් සමග එම මෝටර් රථය නැවැත්වීම සඳහා පොලිසිය අණ කර ඇත.

එම අවස්ථාවේදී ඉදිරියට පැමිණි වේගයෙන්ම පිටුපසට ධාවනය කල මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීමට සැරසීමේදී පොලිසිය විසින් වෙඩි  ප්‍රහාර කිහිපයක් එම මෝටර් රථයේ ටයර් ඉලක්ක කරමින් වෙඩි තැබූ බවද ඉන් එක උණ්ඩයක් එක් රෝදයක වැදීමත් සමග මෝටර් රථය පාලනය කර ගත නොහැකිව විදුලි කණුවක වැදී නැවතී ඇතැයිද පොලිසිය පවසයි.



අදහස් (1)

අණ නොතකා ගිය රියට වෙඩි:කේරළ ගංජා සමඟ යුවළක් කොටුවෙයි

kudda Monday, 24 February 2025 11:36 AM

පුලුවන් නම් තුඩුව, ඌරගස්මංහන්දිය, කොස්ගොඩ, කරන්දෙනිය පරීක්ෂා කරන්න. විශේෂයෙන් තුඩුව (බෙන්තොට). මොකද, කුඩු රජාලා ඉන්නේ ඔතන. හැම තැනටම සම්බන්ධයි. වෙල් යායවල්, ඉදුරුවට කොස්ගොඩට ඌරගහට වැටෙනවා. රෑට කුඩු ප්‍රවාහණය කරනවා. ලයිට් කණු වල ඉස්සෙල්ලම ලයිට් නිවාගෙන නිවාගෙන යනවා. මේවා දැකපු අය මුකුත් කියන්නෙ නෑ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 827 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1775 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site