IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අණ නොතැකූ කැබ් රථයට වෙඩි

(සිතුම් චතුරංග,ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)

වවුනියාව , ඊච්චන්කුලම , කල්මඩු සාලම්බන් හීදී පොලිස් විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරයකු අනතුරට පත් කොට පළායාමට උත්සහා කළ කැබ්රථයකට   වෙඩි තබා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් නීති විරෝධී දැව ජාවාරමක් වැටලීම සඳහා යමින් සිටියදී සැකකටයුතු කැබ්රථය නතර කරන ලෙස සංඥා කොට ඇති අතර කැබ්රථය විශේෂ කාර්ය බළකා පොලිස් කොස්තාපල්වරයා අනතුරට පත්කොට ධාවනය කොට ඇති බව සඳහන් කළේය.

එලෙස පළායාමට උත්සහ කළ කැබ්රථයට විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් වෙඩිතබා නතර කොට ඇති අතර එහි තිබී නීති විරෝධීව කපා ප්‍රවාහනය කරන විශාල ප්‍රමාණයේ බුරුත දැව කඳන් හතක් ද සොයාගත් බවද පැවසීය.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පරයානකුලම් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් 33529 චන්ද්‍රතිලක නිලධාරියා වේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසූයේ වෙඩිතබන අවස්ථාවේ කැබ්රථයේ සිටි සැකකරු කැබ්රථ ධාවනය වෙමින් තිබියදී රථයෙන් පැන ගොස් ඇති බවත් රථයේ ඉදිරිපස රෝදයකට හා බඳ ප්‍රදේශට වෙඩි වැදී ඇති බවත්ය.

 

 



අදහස් (0)

අණ නොතැකූ කැබ් රථයට වෙඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site