IMG-LOGO

අඩු දඩයකට සුළු නඩුවක් දාන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

සුළු නඩුවක් දමා අඩු දඩයකට යටත් කර දීම වෙනුවෙන් සැකකරුවකුගේ මවකගෙන් රුපියල් 60,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් අඩක් ලබාගත්තැයි අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් කඩවත පොලීසියේ සැරයන්වරයකු ලබන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා අද (13) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අජිත් ප්‍රසාද් මුදිත පණ්ඩිතරත්න නමැති කඩවත පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකි.

කඩවත නගරයේදී ත්‍රීරෝද රථයක කැබින් එකක් කැඩීමේ සිද්ධියකට අදාළව නගරවාසීන් විසින් අල්ලාගනු ලැබූ තරුණයකු පොලීසියට භාරදී ඇති බවත්, එම තරුණයාට අදාළ කාරණය මෙන්ම මත්කුඩු සම්බන්ධයෙන් නඩු නොදා සුළු නඩුවක් සහ අඩු දඩයකට යටත් කිරීම වෙනුවෙන් සැකකරුගේ මවගෙන් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.



අදහස් (2)

අඩු දඩයකට සුළු නඩුවක් දාන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්

ධර්ම චක්‍ර ලාංඡනය Tuesday, 13 September 2022 06:14 PM

අරගලකාරයින්ට වඩා සැරයන්ලා හිරේ යනවනේ...!

:       0       0

wedage Wednesday, 14 September 2022 09:19 AM

මව් සෙනෙහස කොයිතරම් උසස්ද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site