IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අඩුවට බිත්තර සපයන්න ඉන්දීය ටෙන්ඩර් කරුවෝ පොරකති

(යොහාන් භාසුර සහ සුජිත් හේවාජූලිගේ)

ශ්‍රී ලංකාවට බිත්තර සැපයීම සඳහා සැපයුම්කරුවන් 20 ක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බවත් එම සැපයුම්කරුවන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ඉන්දීය සැපයුම්කරුවන් බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

වෙළෙඳ අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව එම සැපයුම්කරුවන් ඉදිරිපත් කළ ටෙන්ඩර් විශ්ලේෂණය කිරීමට නියමිත බව කී එම නිලධාරියා පවතින තත්වය මත ශ්‍රී ලංකාවේ බිත්තර අවශ්‍යතාව, ආනයන කරන බිත්තර සංඛ්‍යාව, ඉන්දීය රුපියල්වලට ආනයනය සිදුවන්නේද යන්න ඇතුළු සියලුම කරුණු පිළිබඳව තීරණය අදාල තාක්‍ෂණික කමිටුව ගන්නා බව ද සඳහන් කළේය.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සහ වෙළෙඳ අමාත්‍යංශයේ නිලධාරීන් අතර බිත්තර ආනයන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (9) පෙරවරුවේ පැවැත්විණි.

 



අදහස් (18)

අඩුවට බිත්තර සපයන්න ඉන්දීය ටෙන්ඩර් කරුවෝ පොරකති

Perera Tuesday, 10 January 2023 08:01 AM

කිසිම ප්‍රමිතියක් ඉවක් බවක් නැතුව බිත්තර ඉන්දියාවෙන් ගෙනල්ලා ලංකාවේ කුකුළු ව්‍යාපාරය විනාශ වෙන ලෙඩ රෝග ආවම මොකද කරන්නේ?ඔස්ට්‍රේලියාව ,නවසීලන්තය වගේ රටවල් තම්බපු බිත්තරයක්වත් රට ඇතුලට ගන්න දෙන්නේ නැහැ ඔය අවධානම නිසා

:       0       3

Bamunuarachchi Tuesday, 10 January 2023 08:19 AM

ඔය තිබෙන්නේ බඩු. තව මොනවද ප්‍රශ්න? බිත්තර දහය පහලව උනත් ගෙන්වා ගන්න ඉඩ හරින්න.

:       2       15

fairoosTuesday, 10 January 2023 12:16 PM

සිංහලය රාජ්‍ය බාසාව කළා, සඟ, වෙද, ගුරු, ගොවි,කම්කරු, පංච මහා බල වේගයට මුල්තැන දුන්න, ලාබ ලබන පුද්ගලික ආයතන ජනසතු කළා, රට ජන රජයක් කළා, ආසියාවේ ආස්චරියත් කළා, ළඟදී බිත්තරයක් හෙම කෑවද? දැන් සැපයිද?

:       4       10

BamunuarachchiWednesday, 11 January 2023 07:57 AM

මොනවද සිංහලය රාජ්‍ය භාෂාව කිරීම , සඟ, වෙද, ගුරු, ගොවි,කම්කරු, පංච මහා බල වේගය ගැන දන්නේ.

:       2       0

BamunuarachchiWednesday, 11 January 2023 12:44 PM

මොනවද මෙයා සිංහලය රාජ්‍ය භාෂාව කිරීම..., සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, පංච මහා බලවේගය ගැන දන්නේ..? 1956 කාලේ හිටියේ තාත්තා ගාව නේද?

:       1       1

කිරිපුතා Tuesday, 10 January 2023 09:42 AM

ඉන්දියාව තමන්ට අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරගන්නා අතර කොස් ඇටය පවා අපනයනය කරනවා. අපේ රටේ හැම තැනම වෘත්තිය සමිති හදාගෙන තර්ක කර කර ඉන්නවා දැන් ඉතිං බිත්තරෙත් පිට රටින්. මේකෙන කොමිස් ගැහිල්ලට හුරුවුණු ගමන් ලංකාවෙ බිත්තර නිෂ්පාදනය හාන්සි.

:       4       29

LallaTuesday, 10 January 2023 10:36 AM

බිත්තර ..............

:       1       4

kamal Tuesday, 10 January 2023 10:28 AM

සිංහලය රාජ්‍ය බාසාව කළා, සඟ, වෙද, ගුරු, ගොවි,කම්කරු, පංච මහා බල වේගයට මුල්තැන දුන්න, ලාබ ලබන පුද්ගලික ආයතන ජනසතු කළා, රට ජන රජයක් කළා, ආසියාවේ ආස්චරියත් කළා, ළඟදී බිත්තරයක් හෙම කෑවද? දැන් සැපයිද?

:       9       23

විපුලTuesday, 10 January 2023 01:21 PM

කමල් ඔබ හරියට හරි.අපේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ලංකාවට මෙහෙම වුණේ වංචාව දූෂණය නිසා කියල.ඒත් ඇත්ත ඒක නෙමෙයි.මේ රාජ්‍ය ව්‍යවසාය ජනසතු මේනියාව කියන වාමාංශික බූරු මතවාදය තමයි ලංකාව විනාශ කළේ.ලංකාවෙ තිබුණු කැල්ටෙක්ස් කම්පැණිය එලෙව්ව.ඒක මැලේසියාවට ගියා. වල් බූරු සමාජවාදීන් සහ ජාතිවාදී දේශපාලකයන් සියළු ආර්ථික ප්‍රතිසංස්කරණ නැවැත්තුව.ලංකාව ලෝකයෙන් හුදකලා කළා. පෞද්ගලික ව්‍යවසායට ගරහන ලිබරල්වාදය පිළිකුල් කරන රටකට මෙහෙම වෙන එක අහන්න දෙයක් නෙමෙයි.නමුත් මේ දීර්ඝ කාලීන විනාශයට ඇත්තටම වගකිවයුතු සමාජවාදීන් පිරිසකට බලය දෙන්න ඕන කියන්න තරම් මංමුලාවෙච්ච මිනිස්සු මේ රටේ ඉන්න එකයි අවාසනාව.ලංකාවෙ මිනිස්සු ඒ තරම් නූගත්.

:       3       12

BamunuarachchiWednesday, 11 January 2023 06:22 PM

දන්නා කෙන්ගෙඩියක් කතාකරනවා හලෝ CALTAX විතරක් නොවෙයි Shell, esso ඇමරිකන් තෙල් කොම්පැණි ජනසතුකලා මිස මලෙශියාවට එලෙව්වේ නැහැ. ඒකාලේ තමයි නියම සමාජ වාදී රටක් තිබුනේ. ලේ සැලෙන විප්ලව වලින් කරන්න බැරිදේ පෑනෙන් කලා. එකසමාන අද්‍යපනයක් දෙන්න පාසල් රජයට ගත්තා, තමන්සතු අක්කර දහස් ගණනක් රජයට දීලා ඉඩම් සීමා පනත ගෙනාවා. අපේ එවුන්ට එවාකර ගන්න බැරි උනාට ඒවා කරපු පාලකයෝ පලි නැහැ.තාත්තා බිස්නස් ටික ළමයින්ට දුන්නම ඒවා කරගන්න දරුවන්ට බැරිනම් තාත්තා පලි නැත.

:       2       1

ganegoda Tuesday, 10 January 2023 10:40 AM

මොනවගේ භයානක බෙහෙත් ජාතිද සත්තුන්ට දෙන්නේ... කියන එක තමයි ප්‍රහේලිකාව...?

:       0       1

Prase Tuesday, 10 January 2023 11:32 AM

නියමයි.

:       1       0

ජයන්ත Tuesday, 10 January 2023 02:11 PM

සේපාල අමරසිංහල වැනි අසින්හලයෝ ඔක්කොම අල්ලලා හිරේ දානකම් අපේ කිකිලියෝ බිත්තර දාන්නෙ නැහැ. ඒකයි අකමැත්තෙන් හරි ඉන්දියාවෙන් ගෙන්නන්න වෙන්ලා තියෙන්නේ.

:       1       0

ගුණරාජා Tuesday, 10 January 2023 03:08 PM

පහු ගිය දවස් වල ⁣තෙල් ගෙන්නන්න ඩොලර් නෑ කියලා කිවුවා, දැං ඩොලර් හම්බවෙනවා ඇති .නමුත් දැං ඩොලර් දීලා බිත්තර ගෙන්නනවනං ඊට වඩා හොද නැද්ද බිත්තර ගොවින්ට ඕන කරන දේවල් ඩොලර් වලට ගෙනල්ලා දෙන්න.

:       0       1

Nandasiri Wednesday, 11 January 2023 09:13 AM

උන්ගෙ රත්තරන් බිත්තර උන්ම කාගත්තාවදෙන් අපි රටබිත්තර කන්නම්

:       1       0

sampath Wednesday, 11 January 2023 06:17 PM

දොලුකන්දෙ හමුදුරුවො ජනප්‍රිය කලේ බිත්තර පරවල් වල විසි කරල ගිය කාටද මන්ද මතක තියෙන්නෙ බිත්තර මාෆියාව පරාජය කලයිතුයි.

:       0       0

sunil Thursday, 12 January 2023 05:35 AM

අවංක, නිවැරදි, දුර දර්ශි තීන්දු තීරණ ගැනීමට බුද්ධියක් ඇති, කළමනාකරණ හැකියාවක් ඇති පාලකයින් අපගේ චන්දයෙන් පත් කිරීමට අපට නොහැකි වීමෙන් රට මේ තත්ත්වයට පත් වී ඇත. දැන්වත් එවැනි පාලකයින් කොටසක් තෝරා බේරා පත් කරගැනීමේ ඥානය සහ චේතනාව සහිතව ක්‍රියාත්මක කිරීමේ සැබෑ උනන්දුව ජනතාවට ඇතිවේවා. එවැනි ජනතා පාලකයින් කොටසකට සැමගේ සහයෝගය ලබාදී රට වැටි ඇති තත්ත්වයෙන් මුදවා ගැනීමට අපට හැකි වේවා.

:       0       1

sharm warn Friday, 13 January 2023 04:27 PM

හරිම අපූරුයි. බිත්තර එක්ක කුරුළු උණ සහ තව ඕන උණක් ඇවිල්ලා බෙහෙතුත් නැති ලංකාව සුවපත් කරයි.. මේ අතීසාරයට අමුඩ ගහන පාණ්ඩුවට බලය දෙන්නද තාමත් ඔබ හිතාගෙන ඉන්නේ? ප්‍රශ්නය තියෙන්නේ කුකුල් කෑමවල නම් ඇයි ඒවා මෙහෙ හදන්නේ නැත්තේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site