(නිමන්ති රණසිංහ)
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ අජිත් රෝහණ මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීම සදහා පත්කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා විසින් අද (18) දින සිට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීමට පත්කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජිත් රෝහණට ලොකු තෑග්ගක් හම්බවුණා. හැබැයි අනෙක් පොලිසියේ අය නම් පුළුවන් තරම් ආණ්ඩුවට කඩේ යනවා...
මොනතරම් කැපවීමෙන් ලබපු උසස්වීමක්ද මේ..?
සුබ පැතුම් ඔබට අපෙන්...
දැන් දෙන්නෙක්ම එළිපිට සටනට ඇවිත් ඉන්නේ... මේකේ අවසානය අර කළින් හිටියා වගේ බෝම්බ ගහලා යනකම් දන්නේ නැති පොලිස්පති කෙනෙක් බිහිවෙන එක තමයි.
කඩේගිය තරමට කෙළෙහි ගුණ සැලකීමක්...
ලැබිය යුතුම දෙයක්. සුබ පැතුම් ....!!!
සුබ පැතුම්..!!! මෙයා ගොට්ට අල්ලපු තරමට , කඩේ ගිය තරමට කල් ගියා වැඩියි හම්බවෙන්න...
උසස් වීම් ලැබෙන්න පින් තියෙන්නත් ඕනෑ..
කඩේ යමින්, ගෙදර බිරිඳ, දරුවන් පවා අපහාස විඳිමින් කළ කැපකිරීමේ අග්‍රඵලය ලබාගැනීමට කාලයක් බලා සිටිය යුතුයි...
රට බලාපොරොත්තු වූ දෙයක්. ඔබට සුබපැතුම් !!!
ඔබතුමාට අපේ සුබ පැතුම්...!
එතුමා ඇත්තටම විනයගරුක ආදර්ශමත් පොලිස් නිලධාරීයෙක්... ඔබට සුබපැතුම්...!!!
හිරුණිකා කිව්ව කතාව මතක් වුණා.
සතුටුයි.., අවංක, සේවය, ඔබතුමාට සුබපැතුම්...!!!
සුබ පැතුම්
මිනිස්සු හිරේ දාපු තරමටම අම්මෝ සංචරණ සීමා කිය කිය මම හිතේ පොලිස්පතිවත් හම්බවෙයි කියලා... !!!
‘‘තමන්ට පෙර රට‘‘ අපේ උණුසුම් සුබපැතුම්... ඉදිරියට තවත් උසස්වීම් ලැබේවා..!!!
අපේ උණුසුම් සුබපැතුම් ඔබතුමාට...!!
ඔබතුමා වැඩිවැඩියෙන් උසස්වීම් ලැබේවා..!!!
ඉතාමත් හොඳ තීරණයක්...
උගත්, බුද්ධිමත් දක්ෂ අයට සුදුසු තැන ලබාදීමෙන් පොලිස් සේවයේ විශිෂ්ටත්වය පෙනියයි. සුබ පැතුම්...!
මෙතුමාටත් වෙන්නේ ශානි වගේ හිරේ විලංගුවේ වැටෙන්න තමයි.