IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අඟුරුවාතොට මවයි දියණියයි මිහිදන් කරද්දී දෙපිරිසක් ගැටේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අඟුරුවාතොටදී ඝාතනයට ලක් වූ මව සහ දියණියගේ අවසන් කටයුතු සිදු වෙද්දී සුසාන භූමියේදී  දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ බව පොලිසිය කියයි

ඉකුත් 18 වැනි දා  පස්වරුවේ අතුරුදහන් වූ මෙම මවගේ සහ ඇඟේ කුඩා දියණියගේ මළ සිරුරු පසුව  රත්මල්ගොඩ ප්‍රදේශයේ කැලෑවකට විසිකර තිබියදී සොයාගත්තේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇගේ සැමියගේ මස්සිනා පොලිස් අත්අඩංගුවට පත් විය. ඝාතනය ලක් වූ මවගේ සහ දියණියගේ සිරුරු ඊයේ ඇය පදිංචිව සිටි නිවෙසට රැගෙන ආ අතර ඇගේ සිරුරු තැන්පත් කර තිබූ පෙට්ටියට ද සිල් තබා තිබිණි.

කෙසෙල්හේනාව රාජමහා විහාරවාසී බටුගම්පළ ගුණරත්න හිමියන් ඇතුළු මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළහ.

මවගේ සහ දියණියගේ නිසල සිරුරු අවමංගලල පෙරහරින් සුසාන භූමියට රැගෙන ගියේ සතර පෙරුවක ඥාතී්න්ගේ දුක් අඳොනා මැදය.

දේහයන් භූමදානය කිරීමෙන් පසු මියගිය කාන්තාවගේ සහ සැමියාගේ පාර්ශවයේ දෙපිරිසක් අත ඇති වීමට ගිය ගැටුම අඟුරුවාතොට පොලිසිය සහ අමතර කණ්ඩායම් කැඳවා සිද්ධිය සමථයකට පත් කිරීමට කටයුතු කළේය.

සිය ගණනකගේ තම ඥාතීන්ගේ සෝ සුසුම් මැද අද සවස මවගේ සහ දියණියගේ සිරුරු භූමිදානය කරද්දී දෙපිරිස අතර ගැටුමක් ඇති විය.



අදහස් (0)

අඟුරුවාතොට මවයි දියණියයි මිහිදන් කරද්දී දෙපිරිසක් ගැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site