(චන්ද්‍රසේන ගමගේ)
අඟුණකොළපෑලැස්ස දහඅමුණ ප්‍රදේශයට සති දෙකකින් පමණ පානීය ජලය නොලැබීමට විරෝධය පළකරමින් දහඅමුණ ප්‍රදේශීවාසීහු ජලසම්පත් මණ්ඩලයට අයත් වකමුල්ල ජල පොම්පාගාර කාර්යාලයට කඩා වැදී බීමට ජලය ඉල්ලා විරෝධයක නිරත වූහ.
දහඅමුණ ප්‍රදේශවාසීහු සියයකට ආසන්න පිරිසක් අද දහවල් වීරකැටිය දහඅමුනේ පිහිටි ජල පොම්මාගාරය මෙසේ වැටලූහ.
බීමට ජලය නොමැතිව දුක් විඳින ගම්වාසීහු මෙසේ කීහ. සති දෙකක පමණ සිටි අපිට වතුරු එන්නේ නෑ. ඇලවල්වල ජලය නවත්වලා.
ගමේ තිබුණු එකම නළ ළිදත් කැඩී ගිහිල්ලා. වැසිකිලියට යන්නවත් අපට වතුරු නැහැ.
දහඅමුණේ ජනතාව මැදිහත් වී කාණු කපල තමයි දහඅමුණේ ප්‍රජා ජල ව්‍යාපෘතිය ආරම්භ කළේ.
පසුව එම ජල යෝජනා ක්‍රමය ආණ්ඩුවට පවර ගත්තා. දැන් අපිට බොන්න වතුර නෑ.දරුවන් කියනවා බොන්න වතුරු නැති නිසා ගම අතහැරල යමු කියලා. සිංහල අලුත් අවුරුද්දට අපේ ගෙවල්වල කිසිම දෙයක් නෑ. දැන් බොන්නවත් වතුර නැහැ.
ජල පොම්පාගාරයේ නිළධාරීන් පවසන්නේ අධික ලෙස රොන්මඩ පිරීම නිසා ජලය පිරිසිදු කර ගැනීම ප්‍රශ්නයක්ව පවතින බවයි. ජල පොම්පා ගාරයේ තියෙන අඩුපාඩු අපේ ඉහල නිළධාරීන්ට දන්වා තිබෙනවා.ජලය ලබා ගන්න නව පොම්පාගාරයක් ගහන්න සැලසුම් හැදුවා. නමුත් එම ව්‍යාපෘති අතර මඟ නැවතුනා.නිළධාරීන් ගේ මට්ටමින් විසදා ගැනීමට නොහැකි ගැටළු රැසක් ජල පොම්පා ගාරයේ තිබෙනවා.අපිත් අසරණ වෙලා ඉන්නේ යැයි ජල පොම්පා ගාරයේ නිළධාරීහු පවසති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අඟුණකොලේ පිරිසකට සති දෙකකින් වතුර නෑ
මිල්ලවිටිය Wednesday, 12 April 2023 06:27 AM
රටේ නීතිය අවබාවිතා කිරීමට හේතුවන තර්කයක් ඉදිරිපත් කල නීති පුද්ගලයෙක් ගොයම් කොලේට මුවාවෙලා වෙඩිතියන්න බැහැ කියලා වෙඩික්කරු බේරා ගත්තා කියලා අහල තියෙනවා මැරයො ඒකට ඉතාමත් සංතෝසෙන් හිටියා මෙතන කියන්නෙ අගුනකොලේ පිරිසකට වතුර නැහැ කියලා මුලින් කියපු ආකාරයට අගුනකොලේ කට වතුර දෙන්න බැහැනේ.