IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’අගෝස්තු 16න් පසු සමනල වැවෙන් විදුලිය නෑ ’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

 සමනල වැව ජලාශයේ  විදුලි උත්පාදනය අගෝස්තු 16 වන විට සම්පූර්ණයෙන්ම ඇනහිටින බව විදුලි බල හා ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ගොවිතැන සදහා උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය ලබා ලබාදීමට කැබිනට් මණ්ඩලයේ දී එකඟතාවයකට පැමිණි බව කී අමාත්‍යවරයා එලෙස කළ විට අගෝස්තු 16 වන හදිසි විදුලි මිලදී ගැනීමක් කරන්නට සිදුවන බවද අමාත්‍යවරයා කීය.

විකල්ප විදුලි මිලදී ගැනීමක් නැති නම් මාතර, ගාල්ල, රත්නපුර සහ  හම්බන්තොට දිස්ත්‍රික්ක වල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් කරන්නට සිදු වෙන බව අමාත්‍යවරයා කීය.

දවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැය දෙකක් වශයෙන් එලෙස විදුලිය කපන්නට සිදුවෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රසම්පාදන ක්‍රමය යටතේ හදිසි විදුලිය මිලදී ගන්නට බලාපොරොත්තු වෙන බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ගොවිතැන  සදහා වතුර නිදහස්  නොකළොත් විදුලි උත්පාදනය සඳහා කිසිම ගැටළුවක් ඇතිවන්නේ නැතැයි අමාත්‍යවරයා කීය.

 



අදහස් (1)

’අගෝස්තු 16න් පසු සමනල වැවෙන් විදුලිය නෑ ’

ravin Tuesday, 08 August 2023 12:41 PM

කෙල පෙරාගෙන නේද හිටියේ කට්ටිය එක්ක කොමිස් ගහන්න .ඕන එකත් හරි එහෙනම්.දෙන දෙවියෝ ගෙට ගෙනාවත් දෙනවා අපිටත් දවසක හඳ පායනවා

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site