IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අගෝස්තු මාසයේදී පොලිස් නිලධාරීන් 10ක් කොරෝනාවට බිලි

(නිමන්ති රණසිංහ)

කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් අගෝස්තු මාසයේදී පමණක් පොලිස් නිලධාරීන් 10 දෙනකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, කොරෝනා වයිරසය වැළැදීමෙන් මේ වන විට පොලිස් සාමාජිකයන් 27 දෙනකු මියගොස් ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

මෙලෙස මියගිය පොලිස් සාමාජිකයන්ගෙන් බහුතරය කොවිඩි නියුමෝනියා ත්තත්වෙයන් මියගොස් ඇතැයි ද සඳහන් වෙයි.

අගෝස්තු මස 01 වැනිදා සිට අද (27) දින වන විට මියගොස් ඇත්තේ කිතුල්ගල, ගලහ, දෙමටගොඩ, ගාල්ල, මෝදර, උඩුගම, අඹන්පොල, ජාතික පොලිස් විද්‍යා පීඨය, මඩකලපුව සහ කෑගල්ල යන පොලිස් ස්ථානවල සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන්ය.

කොරෝනා වැළැදීමෙන් මියගිය පොලිස් නිලධාරීන් අතර, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරු 6 දෙනකු, පොලිස් සැරයන්වරුන් 13 දෙනකු සහ පොලිස් කොස්තාපල්වරුන් 06 දෙනකු ද වෙති.

කොවිඩ් ආසාදිතව මියගිය ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා වූයේ ජාතික පොලිස් විද්‍යාලයට අනියුක්තව සේවය කළ වී. එම්. ඒකනායක මහතා වන අතර ඔහු ඉකුත් 10 වැනිදා කොවිඩ් නියුමෝනියා තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද පොලීස් ආරංචි මාර්ග සදහන් කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පළමු පොලිස් නිලධාරියා වූයේ මොනරාගල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක පී. ජී. අන්දිරිස් අප්පු මහතා වන අතර ඔහු ඉකුත් 2021 පෙබරවාරි මස 6 වැනිදා මරණයට පත්විය.

 



අදහස් (4)

අගෝස්තු මාසයේදී පොලිස් නිලධාරීන් 10ක් කොරෝනාවට බිලි

SL Friday, 27 August 2021 01:41 PM

නිහඬ වීරයින්. පොලිසිය ලෙඩ හදාගන්නේම විනයක් නැති මිනිස්සු හින්දයි. අර දොස්තර කෙනෙක් තමන්ගේ ළමයින්ට විද්දා කියන එකටත් සමාවක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. හෙදියන්, සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වලට එන්නත දුන්නා නේද? නිවන් සුව....!!!

:       2       6

RaveendraFriday, 27 August 2021 02:09 PM

ඇත්ත වශයෙන්ම ඔබගේ අදහස් නිවැරැදිය. විනයක් නැත්තේ කොතැනද එතන මහා විනාශයකි. මෙය එයට කදිම උදාහරණයකි. අප සමාජයේ විනය අන්තයටම පිරිහී ඇති බවත් අප පිළිගත යුතුමයි.

:       1       5

Priyankara Friday, 27 August 2021 02:45 PM

කොහෙද යන්නේ මල්ලෙ පොල්....

:       2       2

අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය Saturday, 28 August 2021 01:40 PM

ඉතා කණගාටුයි...! මේ ඉන්නෙත් අප රටේ දූ පුතුන්, සහෝදරයන් සහෝදරියන් තමයි. මොවුන්ට සහාය දීමට ජනතාවත් උත්සාහ කළ යුතුයි. පාරේ වැඩ කරනවිට, ඔවුන්ට වෙලාවට කන්න බොන්නවත් වතුර පොදක් බොන්නවත් විදියක් නෑ. එවිට ශරීරයේ ප්‍රතිශක්තීකරණය අඩපණ වෙනවා. නැත්නම් එන්නත් විදලත් මෙහෙම වෙන්න විදියක් නෑනේ... මොවුන් රටේ නීතිය ආරක්ෂා නොකරන්නට අපිත් ඇෆ්ගනිස්තානයේ ඉන්නවා වගේ ඉන්න තිබ්බා. කිහිප දෙනෙක් වැරදි වැඩ කළ පලියට මොවුන්ගේ සහ හමුදාවන්ගෙන් මේ දිනවල සිදුවන සේවය මිලකළ නොහැකියි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13561 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 964 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site