(සුජිත් හේවාජුලිගේ )
මේ රටේ කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු බදු ගෙවන්නන් රැසක් රුපියල් කෝටි තුන්සියකට වැඩි වටිනා අගරු චෙක්පත් ( මුදල් නොමැති ) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදීම නිසා එම බදු මුදල් අය කර ගැනීම ගැටළුකාරීවී ඇතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙසේ ලබාදී ඇති අගරු චෙක්පත් සංඛ්‍යාව අට දහස් හැටකි.
අගරු චෙක්පත් වටිනාකම ඉහළ යෑමක් පෙනෙන්නට ඇති බවත් අගරු චෙක්පත්වලට අදාල මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු නොකිරීමෙන් බදු ගෙවන්නන්ට රාජ්‍ය ආදායම අවභාවිතා කිරීමට අවකාශ සලසාදී ඇතැයි නිරීක්ෂණය වන බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.
රුපියල් ලක්ෂ දහයක් හෝ ඊට වැඩි මුදලක් සහිත අගරු චෙක්පත් එකකට වැඩි සංඛ්‍යාවක් ලබාදී ඇති බදු ගෙවන්නන් සංඛ්‍යාව 88කි.
එලෙස ලබාදී ඇති අගරු චෙක්පත් සංඛ්‍යාව 322ක් වන අතර ඒවායේ වටිනාකම කෝටි එකසිය දහයකි.
බදු ගෙවන්නන් සිය බදු වෙනුවෙන් චෙක්පත් ලබා දුන්නද නියමිත බැංකු පහසුකම් ලබා නොදීම නිසා මේ තත්වය මතුව ඇතැයි පවසන විගණන අංශ එකතු කළ අගය මත බදු, ජාතිය ගොඩනැගීමේ බදු, ආදායම් බදු, ආර්ථික සේවා ගාස්තු, උපයන විට ගෙවීම් බදු හෝ වෙනත් බදු සඳහා මෙලෙස අගරු චෙක්පත් ඉදිරිපත් කර ඇතැයිද සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී දේශීය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසුවේ අගරු චෙක්පත් වටිනාකමින් සියයට 10 ක දඩ මුදලක් අයකර ගැනීමට කටයුතු කරන බවයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අගරු චෙක්වල කෝටි 300ක් හිරවෙලා
MP77 Saturday, 19 February 2022 10:16 PM
මේකෙන් පේන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවයයි. මීට අමතරව වංචනික ක්‍රියා මෙම ආයතනයේ දී සිදු වෙනවා. ශ්‍රී ලංකාව දැනටම කඩාවැටිලා ඉවරයි.