IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලට පැන්න සැකකරුවන් අල්ලන්න මහජන සහය පතයි

(ඉන්දිකා රාමනායක)

කොළඹ 07  මල්පාරේ  පිහිටි  අග්‍රාමාත්‍ය ලේකම් කාාර්යාලයට  ඉකුත් (13)  දින කඩා වැදී එහි දේපළ වලට අනර්ථය සිදුකිරීම  සම්බන්ධයෙන් හදුනාගෙන ඇති සැකකරුවන් කිහිපදෙනකුගේ   අනන්‍යතාව  තහවුරු කර ගැනීම සදහා අපරාධ  පරීක්ෂක දෙපාර්තමේන්තුව   මහජන සහය පතයි.

සිද්ධියේ නිවැරදි අපරාධකරුවන්    හඳුනාගනිමින්  අවශ්‍ය නෛතික පියවර  ගැනීම සදහා  පොලිස් මුලස්ථානය මෙම පුද්ගලයන් ගේ ඡායාරූප රැසක් ඡායාරූප අද (3) මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සිදුවීමට අදාල සමීප ආවේක්ෂණ දර්ශන  වීඩියෝ දර්ශන ඇසුරින් මෙම ප්‍රධාන ක්‍රියාකාරීන් අනන්‍යතාව   තහවුරු කර ගැනීමට  අවශ්‍ය බව පොලිස් මුලස්ථානය පවසයි.

  අරගලයට සහය දක්වමින් ඉකුත් 13 පෙරවරුවේ පිරිස් ,අග්‍රාමාත්‍ය කාර්යාල,   සිය ග්‍රහනය නතු කරගෙන තබුණි

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන්  කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

පොලිසිය මාධ්‍ය වෙත  නිකුත් කළ මෙම ඡායාරූප වල සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත්  0718594950, 0718594901, 0718594924, 0112422176 යන අංක ඔස්සේ උය්එි ්චච මගින්  හෝ    ඇමැතුම් මගින් දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනයාගෙන් ඉල්ලා සිටියි.



අදහස් (4)

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලට පැන්න සැකකරුවන් අල්ලන්න මහජන සහය පතයි

යෝගා Wednesday, 03 August 2022 03:26 PM

අරගලය මුවාවෙන් රජයේ මර්මස්ථාන විනාශ කරන්න ඇවිත් තමුන්ගේ මුලු අනාගතයම විනාශ කරගත්ත මෝඩ තකතීරුවො ටිකක්.

:       10       18

SUNIL MILANO Wednesday, 03 August 2022 03:52 PM

විවිධ පාර්ශ්වයන්ගේ රැවටීම්වල හසුවෙලා, ලොකුකම පෙන්නන්න ගියාට අහන්න තියෙන්නෙ දැන් සැපතද කියලා. ප්‍රචණ්ඩත්වය වපුරලා දැන් තනියම තමයි සිරබත් කන්න වෙන්නෙ. දැන්වත් අන්තවාදී පාර්ශ්වවල වියරු අදහස්වල නොරැවටී පාඩුවේ ඉන්න බලන්න

:       11       18

susantha Wednesday, 03 August 2022 04:23 PM

ඔය ගමන්ම මහ බැංකුවට පෙන්න හොරු අල්ලන්නත් මහජන සහාය පතපන්කො. සීනි බදු වන්චාව ගැන, අදිවෙගි මර්ග වලින් ගසාකාපුව ගෙන එහෙමත් ඔය වගෙම මහජන සහාය ඔනෙද?

:       9       16

fairoos Wednesday, 03 August 2022 05:36 PM

රටම හොරා කාලා බංකොලොත් කරපු අය තාමත් අදුරගන්න බැරි උනා. අරගල කරුවන් නැත්නම් ගොඨා තවම රට කනවා.

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site