
(යොහාන් භාසුර)
බෘනායිහිදී පැවති Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙලෙහි ශ්‍රී ලංකාව කැපී පෙනෙන සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇත. මෙරට තරුණ නවෝත්පාදකයින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එමින් එහිදී අනුශුරතාවක් සහ කුසලතා සම්මාන දෙකක් හිමි කරගෙන තිබේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම ජයග්‍රහණය ලබාගත් සිසුන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමු වූවාය. එහිදී සිසුන් තාක්ෂණික නවෝත්පාදනය සඳහා දක්වන ලද විශිෂ්ට දායකත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය ප්‍රශංසාව පල කළාය.
ESOFT Metro Campus සත්කාරකයා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාලය සමඟ එක්ව FITIS විසින් සංවිධානය කරන ලද තරුණ පරිගණක විද්‍යාඥ (YCS) තරගය හරහා මෙම දරුවන් දස්කම් දැක්විය.
ඔවුන්ගේ සම්මානලාභී ව්‍යාපෘති මගින් AI බලයෙන් ක්‍රියාත්මක වන බලශක්ති කාර්යක්ෂමතාව, ස්මාර්ට් වාරිමාර්ග සහ අඩු පිරිවිතර උපාංග සඳහා ප්රශස්ත ක්‍රීඩා අත්දැකීම්, නවෝත්පාදන සහ නිර්මාණශීලිත්වය සමඟ සැබෑ ලෝකයේ අභියෝගවලට විසඳුම් ලබා දෙන්නක් විය.

2025 නොවැම්බර් මස 17
33
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අගමැතිනිය APICTA සිසුන් අගයයි
Lalla Tuesday, 28 January 2025 11:32 AM
කෝ අපේ උසස් පෙල කෙරුමෝ ඉන්න රාජ්‍ය විශ්ව විද්‍යාලවල අයට වැඩ බැරිද? මුදල් ගෙවා ඉගෙන ගන්න අයට වල කැපීම විතරද ඒ අයගේ ව්‍යාපෘති.
සංක්‍රාන්තික භුමි Tuesday, 28 January 2025 05:23 PM
මොකද මේ පිටිපස්සේ පේලියේ ඉන්නේ ගැහැණු ළමයි දෙන්නා, අපේ අගමැතිතුමිය දැකලා, භය වෙලා වගේ ඉන්නේ ? භය වෙන්න එපා, එන්න අපේ පියාපත් සෙවනට ! ඔබ සුරක්ෂිතයි !