IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අගමැතිනිය, අනුරාධපුර මහ නාහිමිවරු බැහැදකී

(යොහාන් භාසුර)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය  අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව පළමු වරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් අනුරාධපුර මහා නායක  හිමිවරු සහ ශ්‍රී මහා බෝධිය හා  රුවන්වැලි මහා සෑය වන්දනා කර ආශිර්වාද ලබා ගත්තාය.

ප්‍රථමයෙන්ම අග්‍රාමාත්‍යවරිය  නුවර කලාවිය ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති  සාහිත්‍යශූරී ආචාර්‍ය පල්ලේගම් හේමරතන නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය.  මෙහි දී  අටමස්ථානාධිපති  සාහිත්‍යශූරී ආචාර්‍ය පල්ලේගම් හේමරතන හිමියන් අග්‍රාමාත්‍යවරියගේ පැමිණීම විශේෂයෙන් ඇගයුමට  ලක්කළහ.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය රුවන්වැලි මහා සෑ නායක ස්වාමීන් වහන්සේ වන  සියම් මහ නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක ඊතල වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් බැහැදැක ආශිර්වාද  ලබාගත්තාය.

මෙහිදී රුවන්වැලි මහ සෑ නාහිමියන් සමඟ අග්‍රාමාත්‍යවරිය කෙටි පිළිසඳරක යෙදුණු අතර පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් කෙටි අනුශාසනාවක් කරමින්  අටමස්ථාන ආශ්‍රිතව පවතින ප්‍රවාහන සහ සනීපාරක්ෂක පහසුකම් ගැටලු සම්බන්ධව අග්‍රමත්‍යවරිය දැනුවත් කළහ. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන්ගේ අධ්‍යාපන තත්වය නගා සිටුවීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත් රජරට විශ්ව විද්‍යාලයට  නව භාෂා පීඨයක්  ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවත් අග්‍රමත්‍යවරිය දැනුවත් කළහ.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය රුවන්වැලි මහා සෑය වන්දනාමාන කළාය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කොට අශිර්වාද ලබා ගත්තාය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පළිහේන සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය යන මහත්වරු ද සම්බන්ධ වුහ.



අදහස් (3)

අගමැතිනිය, අනුරාධපුර මහ නාහිමිවරු බැහැදකී

අමල් Monday, 24 February 2025 05:21 PM

උපකුලපතිකමෙන් දොට්ට දාලා, සංඝ භේදය ඇති කරලා, තව එනවා පිරිකර පූජා කරන්න.! මේ වගේ දේවල් කරන්නේ සාරි ඇඳගෙනද?

:       27       24

නෙල්සන් Tuesday, 25 February 2025 07:27 AM

ඔව් ඒ අයගේ අඩුපාඩු නිතර නිතර හොයලා අපේ බදු සල්ලි වලින් ඔවුන්ව නඩත්තු කරන්නනේ අපි ඔහේලාගේ කණ්ඩායම පාර්ලිමේන්තුවට යැව්වේ.

:       8       7

චතුරි Thursday, 27 February 2025 02:48 AM

මේ ඉහළින් ඉන්න. පිළිතුරු ලියපු දෙන්නා. පළවෙනි වතාව දැක්කේ අගමැතිනි පන්සල් යනවා මයිනා. හැමදාම කට්ටිය පිරිවරන් උදේට පන්සල් ගිහින් කරඬුව ඔලුවෙ තියලා. හවසට හොරාකානවා. මේ ගොබ්බ පැට්ව් දෙන්නා. ඒකට කැමැති ඇති නේද? පොඩි පිරිකරක් පූජා කරන්න. බදුමුදල් අවශ්‍ය නැහැ. නාකි මයිනා ඉන්දියාවට යන්නේ. අර දේවාලයක් වහන්න... හැමදාම රජ පුටුවේ ඉන්න. ඒකට යන්නේ බදුමුදල් වලින්...

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site