IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අගමැතිට යන්න කීවේ නෑ

(අජන්ත කුමාර අගලකඩ)

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙසට හෝ ඔහු ඉවත් කරන බවට කිසිදු දැනුම් දීමක් කර නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුව තුළ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ අර්බුද ඇති කිරීමට තමාට අවශ්‍යතාවක් නැතැයි ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

රටේ ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ බවද,ඒ සඳහා සියලු දෙනාගේ සහාය ලබාගත යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

එම රැස්වීමේදී මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු අතර මත ගැටුමක් ද ඇති වී තිබෙන අතර,ඒ හේතුවෙන් රැස්වීම උණුසුම් වූ බවද දැනගන්නට ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු වැඩි දෙනෙක් ඊට සහභාගීවූහ.

 



අදහස් (25)

අගමැතිට යන්න කීවේ නෑ

මහසෙන් Thursday, 28 April 2022 09:27 PM

රිවස්...

:       0       7

Mo77 Thursday, 28 April 2022 09:33 PM

මිනිස්සු කියන්නේ රාජපක්ෂ ලොක්කෝ නෑ. මකබෑ වෙන්න කියලා. නමුත් අපි දන්නවා 20%-25% ක් පොහොට්ටුවට තියෙනවා. මිනිස්සුන්ගෙන් 10%ක් වත් රාජපක්ෂලා ඕනේ කියනවා. ඔය වහල්ලු මකවලවත් හදන්න බෑ.

:       1       16

Rata Perata Thursday, 28 April 2022 09:55 PM

මෙන්න මෙයාගේ මොලේ පරීක්ෂා කරවන්න.

:       0       10

රවිඳු Thursday, 28 April 2022 10:51 PM

දැන් ඇති මහත්මයා, ඔබතුමාලා යන්න. මිනිස්සු මහ පාරේ මැරිලා වැටෙනවා පෝලිම්වල... අසාර්ථක පාලනයක් වුණත් අතඇරලා ගියොත් මිනිස්සුන්ගේ හිතේ ගෞරවයක් ඉතුරු වේවි..!

:       2       11

Ruwan RFriday, 29 April 2022 01:38 PM

ගෞරවයක්? කෙසේවෙතත් වෛරය, සාපය වත් අඩු වේවි.

:       0       11

Bishan Thursday, 28 April 2022 11:04 PM

බමුණුආරච්චි වගේ ලෙඩෙක්ද? අගමැතිව එළවන්නේ නැතුව කොහොමද සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නේ?

:       0       9

Kumara Thursday, 28 April 2022 11:23 PM

කොල්ලනේ, මේ දෙන්නා ඔබලාව අලකරන්නයි හිතන්නේ... මෝඩයින් කියලා හිතාගෙන... පයින් ගහලා එළවන දවස් ළඟයි කියලා මේ ගොල්ලෝ දන්නේ නැහැ..

:       0       12

nimal Thursday, 28 April 2022 11:48 PM

අගමැතිට යන්න කිව්වට යන්නේ නෑ. සජිත්ට ආණ්ඩුවක් කරන්න එන්න කිව්වට එන්නෙත් නෑ.

:       2       7

Shan Friday, 29 April 2022 02:58 AM

69 යන්න කියනවා කියන්නකෝ.... එච්චරයිනේ...! 

:       0       10

සලීම්Friday, 29 April 2022 01:40 PM

රටට සම්පූර්ණයෙන්ම දැන් කෙලවෙලා තියෙන්නේ... ඉතින් දෙන්නත් එක්ක තවත් වැදිබණ නොකිය අකුලා ගෙන ගෙදර යන්න. තව ඉන්න එක දවසටත් රට බංකොලොත් වෙලා වලපල්ලට යනවා. නිකමට රෑට TV නිවුස් බලන්න.. ජීවිතේ ගැට ගහගන්න බැරුව මිනිස්සු තියන අඳෝනා...!

:       0       10

ලංකාපුත්‍රSaturday, 30 April 2022 05:21 AM

බලන්න කියන්නෙ ටී.වි ද සියත,සිරස,ස්වර්ණවාහිනී වගේ ආයතන කීපයක අයට ඇස් පෙනුනට සත්‍ය පෙන්වීමට හැකියාව ඇතත් රජයේ කියන (ප)ජාතික හා ටෙලිවිෂන් මහගෙදර කියන ආයතන වල ඉන්නෙ ඇස් නොපෙනෙන (පොට්ට) කාර්‍ය මණ්ඩල කියලා ඉතාමත් පැහැදිලියි එහෙම නැත්නම් ඒසී කාමරයෙන් එළියට නොයන කණ්ඩායම් කියන්න පුළුවන් ටීඑන්එල් කියන්නෙ කැමරා කාචයේ කලු තීන්ත ගාපු පියෝ ටීවී එකේත් දර්ශන අපැහැදිලි ආයතනයක් ඔවුන්ටත් හරියට පේන්නෙ නැහැ

:       0       0

Priyantha Friday, 29 April 2022 03:09 AM

මෙයාලාටනම් විකාරම තමයි.

:       0       7

සෙනෙවිරත්න Friday, 29 April 2022 06:35 AM

කියන්නේ එකක්, හිතන්නේ තව එකක්... මෙයා යුද්ධය කළා කියලා තවමත් විශ්වාස කරන අය ඉන්නවද?

:       0       15

de silva Friday, 29 April 2022 07:31 AM

ජනතාව කියන්නේ ඔබ සියලු දෙනාටම යන්න කියලා.

:       0       16

nimalka Friday, 29 April 2022 11:37 AM

යන්න එපා. අපි යන්න කියන්නෙත් නෑ. පින් අත්වෙයි මේ දේ කරන්න. දිනපතා ආණ්ඩුවේ රූපවාහිනී එකෙන් විනාඩි 10ක් ආර්ථිකයට/ විදේශ ණය වලට/ IMF ගනුදෙනු ගැන/ බඩුමිල ගැන/ පොහොර ගැන/ විදුලිය සහ ඉන්ධන ගැන ජනතාව දැනුවත් කරන්න. යාවත්කාලීන කරන්න. ඒකට වගකිවයුතු අය යොදවන්න. තව කෙනෙකුට බනින්න, කට අරින්න අකැමැති, සියලු වේදනා නිහඬව දරා ගන්න මිනිස්සුත් ඉන්න බව මතක තබාගන්න...

:       5       6

Ruwan RFriday, 29 April 2022 01:47 PM

රටකට මෙහෙම වෙනකොටත් කතා කරන්නේ නැතිනම් ඒ මිනිස්සු නම් වෙන්න බැහැ.

:       0       6

Buddika Friday, 29 April 2022 12:28 PM

නමුත් මේ රටේ අතිබහුතර ජනතාව ලෙස අපි කියනවා ඔබ සහ අගමැති ඉවත්ව යායුතුයි. ඔබගේ පරපුරම දේශපාලනයෙන්ම ඉවත් විය යුතුයි. මේ රට අද තුන්වේල කන්න නැති, ලෙඩකට බෙහෙතක් නැති, බඩුමිල අහස උසට ගිය රටක් කළේ ඔබ සහ ඔබේ පරපුරයි. ණය උගුලක රට හිරකළේ කවුද? දෙයියන්ගේ නාමෙන් යන දේවාලෙක යන්න මේ රට තවත් විනාශ නොකර...

:       0       13

pradeep Friday, 29 April 2022 12:31 PM

එක එක වෙලාවට එක එක දේවල් කියවනවා.

:       0       11

kamal Friday, 29 April 2022 12:57 PM

අවුලක් නැහැ. මුළු රටම දෙන්නටම යන්න කියලනේ තියෙන්නේ.

:       0       14

Rohana Friday, 29 April 2022 01:56 PM

අගමැති විතරක් නෙවෙයි, රාජපක්ෂ නඩයටමයි යන්න කියන්නේ. රටේ සම්පත් සොරාගෙන ඒවා තමතමන්ගේ පුද්ගලික ගිණුම්වලට ගොඩගසාගනිමින් රටේ ජනතාවට අපාදුක් ගෙනදුන් මේ හොර කණ්ඩායම රටින් පිටුවහල් කළ යුතුමයි.

:       0       7

විපරමා Friday, 29 April 2022 01:56 PM

යන්නේ කොහොමද? රටට කරපු විනාසේ හැටියට යන්න බය ඇති. මුලුරටම එක හෙළාම කියන්නේ, පිටරට ඉන්න ලාංකිකයින් පවා කියන්නේ එකම දේ යන්න කියලා.1948න් පස්සේ මේ වගේ දූෂිත බලලෝභී පවුල් පාලන ආණ්ඩුවක් ඔය තිබුණාමයි.

:       0       5

ගමේ එකාලා Friday, 29 April 2022 05:49 PM

මලයා කියයිද අයියණ්ඩිට යන්න කියලා... ඔක්කොම එක වල්ලේ පොල්..!

:       0       5

චමින්ද Saturday, 30 April 2022 11:52 AM

අගමැතිට එන්න කියලා කිව්වේ මුලින්ම මෛත්‍රීපාල... 2020 දී එන්න කිව්වේ ජනතාව.. දැන් යන්න කියන්නේ ජනතාව. ජනාධිපතිට එන්න කිව්වේ ජනතාව.. දැන් යන්න කියන්නේ ජනතාව. ඉතින් බලබලා නොඉඳ වහාම පිටවෙලා යන්න. (ජනාධිපතිගේ ඡන්දෙන් අගමැතිවත්, අගමැතිගේ ඡන්දෙන් ජනාධිපතිවත් පත්වුනේ නැහැ... පත්වුනේ ජනතා ඡන්දයෙන්)

:       0       3

ranjith Saturday, 30 April 2022 02:15 PM

එක්කෙනෙක් කියන්නේ නැතිවෙන්න පුළුවන් රටේ බහුතර ජනතාව යන්න කියනවා නේද? ඒවා ඇහෙන්නේ නැතිව ඇති.

:       0       2

nandana Sunday, 01 May 2022 10:18 AM

දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵලදෙන හැටි. හිටපු අගවිනිසුරු තුමිය බලෙන් ගෙදර යවනකොට එතුමියට මොනතරම් දුකක් දෙන්න ඇතිද? එවන් දේවල් කෙළවරක් නැතිව කළ පාපය නේද මේ ඵලදෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 538 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1691 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site