
(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කළ පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙක් යැයි කියන මුල්ලේරියාවේ පදිංචිකරුවෙක් වන එල්ලාවලගේ සරත් කුමාර නොහොත් චිටී නැමැත්තා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.
ඉන්දියාවේදී මිය ගිය බවට පැවසෙන අංගොඩ ලොක්කා නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් යැයි කියන අදාළ සැකකරු ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තයේ සවිකර ඇති Automated Facial Recognize System (AFRS) පද්ධතිය හරහා හදුනාගැනීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගත් බව එම අමාත්‍යාංශය කීය.
මොහු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිස් ස්ථානයට අවශ්‍යව සිටි සැකකරුවෙක් බවත් මුල්ලේරියාව පොලිස් ස්ථානය අයිස් මත්ද්‍රව්‍ය 510g ක් සමග නාවික හමුදා නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් හට ලබාදී ඇති බවට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වී සැකකරු සොයා පොලිස් විමර්ශන කණ්ඩායම් යොදවා තිබූ බවත් එම අමාත්‍යය කීය.
සැකකරු 2011 වර්ෂයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ පුද්ගලයකුට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය කිරීම, ගිනි අවි ලග තබා ගැනීම ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇති බව ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගුවන්තොටුපලේදී අල්ලයි