IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අකිල අලුත් අරගලයක් ගැන ඉඟි කරයි

(අංජුල මහික වීරරත්න)

දැන් ජනතාව පක්ෂ පාට භේදයකින් තොරව කළ යුතු අරගලය වන්නේ මිනිසුන් ජීවත් කිරීමට උත්සාහ කිරීමේ අරගලය බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එසේ නැතිව රටේ ජනතාව මෙන්ම රටේ ඉදිරි ගමන අමාරුවේ දමන අරගලයක් නම් නැවත කර රටට ප්‍රයෝජනයක් නැතැයි කාරියවසම් මහතා කීය.

මේ රටේ ජනතාව බුද්ධිමත්ව තීරණාත්මකව සිතා බලා කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක් බවද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ජනතාවට පාරට බැස අරගල කළේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, විදුලිය කප්පාදු කිරීම්, බඩු මිල ඉහළ යාම වැනි කාරණා හේතු නිසා බව කී කාරියවසම් මහතා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඒ සියලු දේ යථා තත්ත්වයට පත් කරමින් සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙන බවද පැවසීය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (4)

අකිල අලුත් අරගලයක් ගැන ඉඟි කරයි

Kumara Wednesday, 26 October 2022 10:17 PM

සමනල අරගලයක්ද

:       5       4

Peduru Thursday, 27 October 2022 07:58 AM

සුබ ලොක්කා ඕනෑ බලය ගන්න. ඒකනේ ජන්දයක් පෙනි පෙනී පක්ෂය කඩාගෙන ගන ගොස් වෙන කෙනෙකුට බලය ලබා ගැනීමට පාර කපා දුන්නේ. දැන් උග්‍ර ප්‍රශ්න ටික ටික විසදීමට කට යුතු කරන විට අරගල කරන්න ලෑස්ති වෙනවා. ඔව් හොරු ටික ඌ පසුපස යයි.

:       3       2

mp Thursday, 27 October 2022 12:39 PM

මොන යථා තත්ත්වයක්ද යකෝ. ? බෙහෙතෙක් වත් ගන්න තියෙනවද?

:       2       4

sharm warn Thursday, 27 October 2022 04:23 PM

මෙයත් මදන මෝදක ගහල ඉන්න එකෙක්ද කොහෙද. . මෙ වගෙ පොල් බුරුවෙකුට ආයෙමත් චන්‌‌දෙ දෙන්න බලාගෙන ඉන්නවද ඔයගොල්ලො?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site