
(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හෙතුවෙන් අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ දුනුවිල මාර්ගයෙන් ගලා යන වහගල ඔය පිටාර ගැලීම නිසා අකුරණ නගරයේ ජලයෙන් යට වී ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනය නැවතී ගියේය.
නගරය ජලයෙන් යට වීම නිසා ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර ගංවතුර පවතිද්දීත් ධාවනය කිරිම උත්සාහ කළ බස් රථයක් සහ ලොරි රථයක් ගංවතුරට හසුව සිර වී තිබූ අතර බස් රථයේ සිටි පිරිස් ආරක්ෂිතව බේරා ගනු ලැබූහ.
අකුරණ නගරය ආසන්නයේ පිහිටි නිවාස කිහිපයක්ද ජලයෙන් යටව ඇති අතර නිවසේ තිබූ භාණ්ඩ සියල්ල ජලයෙන් විනාශ වී තිබිණ.
මාසයක් වැනි කාලයක දී අකුරණ නගරය ජලයෙන් යටව ඇති පස් වන අවස්ථාව මෙයයි.

2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අකුරණ නගරය දින 30ට පස් වතාවක් යටවේ
Prabha Saturday, 18 November 2023 01:56 AM
අකුරණ නගරය හරහා යන ඔය හරස්කර ගොඩනැගිලි හදපු අය සහ ඒවට අනුමැතිය දුන්නු අයට සොබාදහමෙන් දෙන දඬුවම් තමයි මෙව්වා...
ලුම්බිණි Saturday, 18 November 2023 04:52 AM
අකුරණ නගර සභාව මීට වගකිව යුතුයි. නගරයේ මාර්ග සහ කාණු සියල්ලම ගොඩ කරනකම් නගර සභාව බලාගෙන උන්නා. දැන් ඒකෙ විපාක විඳිනවා.
Rifas Saturday, 18 November 2023 06:16 AM
මොනවා කරන්නද?
Malaka Bandara Saturday, 18 November 2023 07:39 AM
තව හදන්න පුළුවන් ඔය යට කරලා බිල්ටින්. කරන පව් වලට කර්මය...!
sachith Saturday, 18 November 2023 09:33 AM
කන්දක් උඩ තියෙන නගරයක් වතුරෙන් යට වුණේ කොහොමද කියලා බලාගන්න පුළුවන්... මේ නගරේ පොඩ්ඩක් ඇවිද්දා නම්...!
SarasiSaturday, 18 November 2023 11:52 AM
ඔව්. පොලිතීන් මලු මලු කුණු, ඔක්කොම විසිකරලා තියෙන්නේ ඇළට.. ඔය පැතිවල කුණු එකතු කරන්නේ නැද්ද? දවසක් ඔය පැත්තෙන් යද්දී දැක්කා...!
UKRAN Saturday, 18 November 2023 05:39 PM
තව ඉස්සරහට බලාගන්න පුළුවන්...!