(බී. ජී. චතුරංග)
අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අකුණු සැර වැදීමෙන් රෝහල් ගත කර ඇත්තේ පයාගල , වල්පොල සහ රත්නපුර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24, 30, 38 සහ 48 වියේ පසු වන පුද්ගලයන් පස්දෙනෙකි.
ඊයේ (27දා) පස්වරුවේ මෙම අකුණ පතිත වන අවස්ථාවේදී වන්දනා නඩ වල මෙම පිරිස බසවක්වලම වැවේ දිය නාමින් සිටි ඇති අතර එක් පුද්ගලයෙකු වෑකන්ද මත දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිට ඇති බව පොලිසිය කියයි.
අකුණු සැර වැදීම හේතුවෙන්දි බසවක්කුලම වැවේ දිය නාන මංකඩ අසල ඇති විශාල ප්‍රමාණයේ ගසක අත්තක් කැඩී, ගසේ මුල දක්වා දැඩි හානි සිදුව තිබෙන ආකාරය එහිදී දැකගත හැකි විය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අකුණක් 5ක් රෝහලට යවයි