IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අක්කර භාගයේ මිරිස් වගාවෙන් කෝටියක ආදායමක්

(සමන් කේ. ගමගේ)

අනුරාධපුර  තිරප්පනේ  පුලියන්කුලම ග්‍රාමයේ  තරුණ ගොවි මහතකු මෙවර අක්කර භාගයක මිරිස් වගා කර රුපියල් ලක්ෂ 70ක් උපයා ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම මිරිස් වගාවේ අස්වනු තව දුරටත් නෙලමින් පවතින බැවින් එම ආදායම මිලියන 10 දක්වා ඉහළ නැංවීමට තමන්ට හැකි වෙතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම කීය.

 ඔහු නමින්බ බන්න්දුදුල මුණසිංහය,  කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය භාවිතා කරමින් කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ අක්කර භාගයක මෙම මිරිස් වගාව සිදු කර ඇත.

මහඉළුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් හඳුන්වා දෙන ලද නවතම මිරිස් ප්‍රභේද දෙක වන MICH 1- හා MICH- 2 යන මිරිස් ප්‍රභේදය වගා කිරීමෙන් මෙම වාර්තා ගත අස්වැන්න ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.

සාම්ප්‍රදායික ක්‍රමය යටතේ අක්කර භාගයක වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය පැළ 6000ක් පමණ වුවත් මෙම අධිඝණත්ව වගා ක්‍රමය යටතේ වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය 13,000ක් දක්වා ඉහළ ගොස් ඇත. එමනිසා ලබාගත හැකි අස්වැන්න කිහිප ගුණයකින් ඉහළ නංවාගැනීමට මෙම නව ක්‍රමය යටතේ හැකිවීම විශේෂත්වයකි.



අදහස් (16)

අක්කර භාගයේ මිරිස් වගාවෙන් කෝටියක ආදායමක්

jaya Friday, 10 November 2023 12:12 PM

දැන් පුළුවන් නං දුවගෙන ගිහින් මේ මනුස්සයාට සීයට 36 බද්දක් ගහන්න. එච්චරනේ උත්සහාවන්තයින්ට මේ රටේ කරන්නේ...!

:       13       75

රාජසේනFriday, 10 November 2023 01:02 PM

සහතික ඇත්ත... මේ රට මෙහෙම අගාධයට වැටෙන්න හේතුවක් වුනේ ජයා කියපු කාරණය සමඟ දේශපාලුවෝ ඔවුන්ගේ උදර පෝෂණය වෙනුවෙන් නිකම්මු පෝෂණය සඳහා සමෘද්ධි ඇස්වැසීම වගේ විගඩම් කිරීම නිසා තමයි...

:       2       38

Bamunuarachchi Saturday, 11 November 2023 10:23 PM

හලෝ jaya කෘෂිකර්මයෙන් ලැබෙන ආදායමට බදු ගහන්නේ නැත. අනික දැනුයි ලංකාවේ බදු ගහන්න පටන්ගන්නේ. පිට රටවල බදු ගහන හැටි ගුගල් කරලා බලාගන්න. සමහර middle east රටවල් හැරෙන්න පිටරට ගිහින් බදු වලින් බේරන්න කාටවත් පුළුවන් කමක් නැත. කැනඩාවේ තාත්තා ගේදොර දරුවෙක් නමට පවරුවොත් ඒ දරුවා ලැබුන ගෙදර වටිනා කමින් 50% මුදල් වලින් බදු ගෙවිය යුතුයි. කෘෂිකර්ම අදායමට බදු ගහන්න එපා ඒ උනාට පොහොර සහනාදාර, වගා හානි ආදාර දෙන්න ඕනේ අපේ බදු මුදලින්. ඒකද ඔබ කියන්නේ? මාරයි.

:       1       1

Pankumburage Friday, 10 November 2023 01:02 PM

දියවන්නාවේ ඉන්න බඩගෙඩිය ඒ මනුස්සයාගෙනුත් කප්පම් ඉල්ලයිද දන්නේ නැහැ...!

:       5       36

පැරකුම් Friday, 10 November 2023 01:23 PM

ඒ විතරන් නෙවෙයි, මංකොල්ලකාරයෝත් වැඩ පටන් ගනීවි අපේ රටේ හැටි එහෙම තමයි…!

:       2       28

duminda Friday, 10 November 2023 01:35 PM

අපිට දියුණුවෙන්න තියන එකම ක්‍රමය කෘෂිකර්මය විතරයි. මොකද අනික් ක්ෂේත්‍රවලින් ලෝකය හුඟක් දුර ගිහින්... මේ වගේ ගොවි රජවරු ආරක්ෂා කරගන්න ඕනේ... දේශීය වගේම විදේශීය වෙළෙඳපලක් හදලා දෙන්න ඕනෑ.

:       1       30

උපවර්ධන Friday, 10 November 2023 02:02 PM

සද්ද නොකර මිරිස් ටික කඩාගනින්. නැත්නම් උඹට වෙන්නේ බදූ ගෙවන්න ණය වෙන්න. කොහේද ඉතිං කරල පැහෙනකොට පත්තරෙත් දානවනේ. හෙට අනිද්දා එයි ඕං කට්ටිය බලපන් බොරු නම්. මිරිස් ටික කඩාගෙන ගෙවල්, දොරවල් විකුණලා කොහෙට හරි යන්න...

:       4       23

P.D Goonawardena Friday, 10 November 2023 03:20 PM

ජයවේවා...

:       0       7

මහින්ද Friday, 10 November 2023 03:49 PM

ගොවිරජෝ සියයට 36 ක් බදු ඉල්ලා ලිපියක් එන්න පුළුවන් නැත්නම් ගෙදරට ෆයිල් කාරයො එන්න පුළුවන් නුඹේ දාඩිය මහන්සිය අපි දන්නවා වුනාට එවුන්ලා දන්නෙ නැහැ උන්දැලා ආවොත් වහාම ඒකත් මහා ආඩම්බරයෙන් රටට කියපං කොල්ලො

:       2       14

vernon Friday, 10 November 2023 04:18 PM

ගොවිතැන ආදායම් බද්දෙන් නිදහස්. අනික ව්‍යාපාර බදු ගෙවන්නේ උපයනා ආදායමට නෙවෙයි බදු අය කළ හැකි ආදායමට...

:       0       15

Sajeewa Welimada Friday, 10 November 2023 06:53 PM

සතුටුයි ඔබේ වගාවට හා ධෛර්යයට... ඒ වගේම නාස්තිය වළක්වා ගැනීමට නව ඇසුරුම් වලට පුරුදුවන්න...

:       0       11

හැදෙන රටක් Friday, 10 November 2023 08:15 PM

මේ ලංකාව නම් හැදෙන රටක් නෙමෙයි. බලන්න මෙතැන ලංකාවේ බදු ප්‍රතිපත්තිය ගැන නොදැන කී දෙනෙක් අදහස් දක්වලා තියනවද කියලා? ඒ වගේම ඒ අදහස්වලට කැමැත්ත දක්වලා තියනවාද කියලා. ඡන්දෙකදී ලණු කන්නෙත් ඔයවගේ තමයි...

:       0       0

Sanath prasanna Saturday, 11 November 2023 12:06 PM

මෙහෙම වගාවක් කරන්නේ කොහොමද? උපදෙස් දෙන්න පුළුවන්ද?

:       0       0

ගැමියෙක් Sunday, 12 November 2023 12:03 AM

සනත් පෙරේරාට මිරිස් වවන්න හිතිලා. අර මනුස්සයාගේ ආදායම දැකලා. අනේ මෙහෙම තණ්හාවක්. ඔයා හිතනවාද වගා කිරීම මේ කීබෝර්ඩ් එකත් එක්ක කරනවා වගේ ලේසියි කියලා. මොකක් වුණත් කම්මැලි නැතිව, උනන්දුවෙන් කරනවා නම් දියුණුවෙන්න පුළුවන්. මිනිස්සු කරන දේවල් බල බලා කරන්න ගියොත් අනාතයි. ඒ නිසා ඔය කරන වැඩේ හරියට වුවමනාවෙන් කම්මැලි නැතිව කරන්න. දියුණුවෙන්න පුළුවන්.

:       0       0

Nandana premasara Saturday, 11 November 2023 04:16 PM

මේ ගැන විස්තර අහගන්න කරුණාකර දුරකථන අංකයක් දෙන්න...

:       0       0

සරත් වීරසිංහ Wednesday, 15 November 2023 08:46 AM

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී.කිවුවෙි කට කහනවට නොවේ.නව තාක්ෂනය මහ පොලවෙි යොදාගැනීම රටෙි අනාගත සුරක්ෂිතබව හා සෞභාග්‍යයේ අඩිතාලමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site