(අංජුල මහික වීරරත්න)
කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අක්කර බදු ලෙස සැලකෙන්නේ කෘෂිකාර්මික ඉඩම් සඳහා අක්කරයකට රුපියල් සියයක් බැගින් අය කරගන්නා බදු මුදලකි. මෙම බදු මුදල් සංවර්ධන නිලධාරීන් මගින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අය කර ගෙන රාජ්‍ය ආදායමට බැර කරනු ලබයි.
අක්කර බදු තවදුරටත් අය කළ යුතු නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සඳහන් කළ බව අමාත්‍යවරයා කීය.
මෙම බදු මුදල අය කිරීම මගින් ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් ඒවා එකතු කිරීමට රජයට වැය කිරීමට රජයට සිදු වී තිබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එමනිසා ඉදිරියේ දී අක්කර බදු අය කිරීම මුලුමනින්ම අතිහිටුවීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අක්කර බදු අය කිරීම මගින් රජයට අහිමි වන මුදල රුපියල් බිලියනයකි.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අක්කර බදු අයකිරීම අත්හිටුවයි
ප්‍රියන්ත Tuesday, 12 December 2023 10:55 PM
එහෙමනම් ඉතින් කෘපනිසලාට කරන්න රාජකාරියක් ඇත්තේම නැහැනේ... එම සේවාවත් අහෝසි කරන්න පුළුවන් වේවි කියලා හිතෙනවා..!