IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රජයේ ණය ගැනීමේ සීමාව කෝටි 35,300 කින් ඉහළ දමයි

(අජන්ත කුමාර අගලකඩ)

ඉකුත් වසරේ නිරවුල් නොකරන ලද බිල්පත් පියවීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා රජයේ ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි 35.300 කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 23 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද අතුරු සම්මත ගිනුම සංශෝධනය කිරීමේ යෝජනාවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නීතිපතිවරයාගේ අනුමැතිය ද මේ වනවිට ලබාගෙන තිබේ.

රුපියල් කෝටි 73,500 ක් ලෙස පැවැති රජයේ ණය සීමාව මේ අනුව රුපියල් කෝටි 1,08,800 දක්වා ඉහළ දැමෙනු ඇත.

ඒ අනුව අදාළ සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවේ අවසන් රැස්වීම පැවැත්වෙන ලබන සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.

ඉකුත් වසර කිහිපය තුළ රජයේ යෝජනාවක් සහ සංවර්ධක කටයුතු වෙනුවෙන් වැය කරන ලද වියදම් වලට අදාළව නිරවුල් කර නැති රුපියල් කෝටි 15,600 ක බිල්පත් සහ ගිනුම් ගත නොකරන ලද විශේෂ ණය රුපියල් කෝටි 21,100 ක් ද ඇතුළු රුපියල් කෝටි 36,700 ක වගකීම් නිරවුල් කිරීම වෙනුවෙන් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

ඉකුත් ආණ්ඩුව සමයේ ගැනුම්කරුවන්ට කොන්ත්‍රාත්කරුවන්ට හා සේවා සැපයුම්කරුවන්ට නොගෙවා ඇති බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 52,400 ඉක්මවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළේය.



අදහස් (14)

රජයේ ණය ගැනීමේ සීමාව කෝටි 35,300 කින් ඉහළ දමයි

Dirt Thursday, 13 February 2020 06:40 PM

35,300 මොකක්ද අනේ බය නැතුව ගන්න අප්පච්චි. අපි ගෙවමු.

:       0       18

Nishan Thursday, 13 February 2020 10:23 PM

මීතොටමුල්ල කුණු කන්ද වගේ ණය කන්දකුත් ගහන්න වගේ හදන්නේ. මේ කන්දට නම් මුළු රටම යටවෙනවා. වෙනස සැපද ???

:       0       61

Perera Friday, 14 February 2020 01:19 AM

බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම කලින් ආණ්ඩුවට රටේ ණය බර වැඩි කරා කියා කියා තව තව ණය ගන්නවා. ඔක්කොම එකයි. අන්තිමේට වෙන්නේ සාමාන්‍ය මිනිස්සු රැවටී රැවටී හැමදාම කනවා වෙනුවට ලෙවකන එකයි.

:       0       91

dilan Friday, 14 February 2020 02:03 AM

ඉකුත් වසර කියන්නේ පහුගිය ආණ්ඩුවනේ, ණය නොගෙන ඉන්න වෙයිද සජිත්ගේ ගම් උදාවේ ප්‍රචාරක වැඩට විතරක් රුපියක් කෝටි දෙකහමාරක් වියදම් කරද්දී. ගෙයක් හදන්න ලක්ෂ දහයයි, හරිනම් කරන්න ඕන මේ අනවශ්‍ය විදියට වියදම් කරපු මහජන මුදල් ඔහුගෙන්ම අයකර ගන්න ඕන.

:       279       310

athuraFriday, 14 February 2020 04:03 AM

නැතුව නැතුව සජිත්ගේ කෝටි දෙකහමාර තමයි ඔය ණය වෙලා තියෙන්නෙ අර හම්බන්තොට හදපු සම්මන්ත්‍රණ ශාලා ක්‍රීඩා පිටි ගුවන්තොටුපොළවල් ඒවගෙන් රටට අදායම හම්බවුනානේ උතුරන්න.

:       36       111

කරුණාපාල Friday, 14 February 2020 05:46 AM

ගිය ආණ්ඩුව මොනවද කලේ කියලා කැහැගහපු කට්ටිය ගැනුම්කරුවන්ට කොන්ත්‍රාත්කරුවන්ට හා සේවා සැපයුම්කරුවන්ට නොගෙවා ඇති බිල්පත් ගෙවීමට ණය ගන්නවා. පසුගිය ආණ්ඩුව වැඩ කලේ නැතිනම් බිල් ගෙවන්නේ මොකටද.

:       0       0

NishanFriday, 14 February 2020 10:08 AM

ගිය ආණ්ඩුවේ බිල්වලට වඩා ගොඩක් ලොකුයි බදුසහන දීලා නැති කරගත්තු ආදායම.... ඒ පාඩුව පියවන්න වෙන්න ඇති මේ ණය ගන්නේ...

:       34       16

chinthaka Friday, 14 February 2020 02:04 AM

ඇත්තටම ජනාධිපතිතුමා කොහොමද අලුත් ගමනක් යන්නේ මේ විදියට පහුගිය ආණ්ඩුව ණය උගුලක මේ රට හිරකරලා ගියහම. ඒ ගොල්ලන්ටම ගෙවන්න කියන්න ඕන

:       145       158

lakmal Friday, 14 February 2020 02:07 AM

"ඉකුත් වසරේ නිරවුල් නොකරන ලද බිල්පත් පියවීමට" කිව්වුවේ අර මහබැංකුව හොරා කාපු අයම තවත් අලුත් ගේමක්වත් ගහලද?

:       149       203

sharm warn Friday, 14 February 2020 03:49 AM

මේ දෙගොල්ලොම කලේ අනිත් පැත්තට ඇගිල්ල දික් කරගෙන අහස උසට ණය ගන්න එකයි ඒ ණයවලින් ජෝගි නටපු එකයි ඇරෙන්න වෙන මොනවද ?

:       0       1

Walter White Friday, 14 February 2020 04:32 AM

ඔය කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න තියෙන හිඟ බිල්පත් වල වටිනාකම සමානයි ශ්‍රී ලංකා ගුවන් සේවයේ මුළු ණය ප්‍රමාණයට, කට්ටිය ටිකක් කල්පනා කලොත් ගුවන්සේවය වගේ සුදු අලියෙක් පවත්වාගෙන යන්න වුනෙත් අඥාන අදූරදර්ශී තීන්දුවක් නිසා නොවෙයිද? පුද්ගලික ආයතනයේ භාරයේ ඒ ආයතනය තිබ්බ නම් රටේ ණය කෝටි පනස්දාහකින් අඩු වෙනවා, එත් ඒවා තේරෙන තේරුම් ගන්න උදවිය නැහැ, රජය භාරයේ තිබියදී හොරකම දෙගුණ තෙගුණ වෙලා අන්තිමේ තව තවත් ණය වෙලා රටේ ණය සීමාව ඉහල දාන්නත් වෙලා ඒවා ගෙවන්න.

:       11       51

NishanSaturday, 15 February 2020 01:29 AM

එමිරේට්ස් සමග හවුලේ ඉතා ඉහල ලාභයක් ලබමින් තිබුණු ගුවන් සේවය තමුන්ගේ හිතුවක්කාර කමටයි උඩඟු කමටයි එමිරේට්ස් එලවලා අද මේ අන්ත බංකොලොත් තත්ත්වෙට පත් කළේ කවුද?

:       0       0

saradiyel Friday, 14 February 2020 03:13 PM

මේකෙන් කෝටි 20000කට වඩා යන්නේ යමපාලනය හොරාකෑවා... ඒවා ගෙවන්න වෙන්න ඇති.

:       0       23

NishanSaturday, 15 February 2020 01:27 AM

නටන්න බැරි එකා පොලව ඇදයි කියනවා නේ. අපි නම් මේ වගේ දුක් අදෝනා ඇහුවේ නැහැ 2015 දී එදා හිටපු ආණ්ඩුව රටම ණය කරලා සින්නක්කරව වටිනා ඉඩම් ටික විකුනලා ගිය එක ගැන. බැරි නම් මොකටද කරන්න ගත්තේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 215 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 76 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1187 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 2093 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2337 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1173 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 346 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site